Gossip

දියණියගේ ජීවිතය අඳුරට දැමූ මවක්

නාවලපිටිය, සේලන්බිජ් ප්‍රදේශයේදී අතුරුදන් වූ බව කියන 8 හැවිරිදි දැරිය ඇයගේ පියා විසින් රැගෙන ගොස් ඇතැයි නාවලපිටිය පොලීසිය පවසනවා.

සිය අනියම් සැමියාගේ මවගේ නිවසේ නවතා සිටියදී සිය දියණිය අතුරුදන්ව ඇති බව දැරියගේ මව වන 27 හැවිරිදි කාන්තාවක් පෙර්දා (25) පොලීසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, නාවලපිටිය, දොළොස්බාගෙ ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව නාවලපිටිය, සේලන්බිජ් ප්‍රදේශයේ පිහිටි අනියම් සැමියාගේ මවගේ නිවසේ දැරිය නවතා එම පුද්ගලයා සමග වෙනත් නිවසකට ගොස් ඇති බවයි.

අනියම් සැමියාගේ මව ද දැරිය නිවසේ තනියම සිටියදී නිවසින් පිටවගොස් ඇති අතර, ඇය යළි නිවසට පැමිණීමේදී දැරිය නිවසේ සිට නැහැ.

මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව නාවලපිටිය පොලීසිය විසින් පොලිස් නිලධාරීන් 25 දෙනෙකු පමණ නාවලපිටිය, සේලන්බිජ් ප්‍රදේශය පුරා එදින දවසම දැරිය සෙවීමට යොදවා තිබුණා.

ඊට අමතරව තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක්ම දැරිය සෙවීමේ මෙහෙයුමට එක්කර තිබුණා.

ඒඅතරතුර අදාළ නිවස අසල තිබූ කැමරාවක දර්ශන පරික්ෂා කිරීමේදී එම දැරියගේ පියා සහ දැරියගේ වැඩිමල් සොහොයුරා එම ප්‍රදේශයට පැමිණ ඇති බව නිරීක්ෂණය වුණා.

ඉන් බොහෝ වේලාවකට පසු ඔවුන් දෙදෙනා විසින් එම දැරිය රැගෙන යන අයුරු ද එහි සටහන්ව තිබුණා.

දැරිය අනාරක්ෂිත තත්ත්වයට පත්කිරීම, පාසල් නොයැවීම සහ නොසලකා හැරීම යන චෝදනා මත දැරියගේ මව හා පියා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!