Gossip

මඟුලෙන් මතුවූ කොවිඩ් පොකුර

කොච්චිකඩේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගීවූවන් 100කට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා.

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ (26) ඒ බව අනාවරණය කළා.

ලබාදී ඇති මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මෙම විවාහ මංගල්‍යයට 350ක් පමණ පිරිසක් සහභාගි වී ඇති බවට සෞඛ්‍ය අංශවලට තොරතුරු වාර්තා වී තිබුණා.

මේ සම්බන්ධයෙන්ද කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

පසුගිය 18 වනදා මෙම මංගල උත්සවය පවත්වා තිබෙනවා.

උත්සවයට සහභාගී වූ ඇතැම් පිරිස් නිවාසද වසා දමා තොරුතුරු වසන් කරමින් සිටින බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ආරංචිමාර්ග අනාවරණය කරනවා.

විවාහ මංගල්‍යයේ මත්පැන් පානය කරමින් නර්තන පීඨිකාව මත නර්තනයේ යෙදුණු පිරිසකට උත්සවයෙන් දින කිහිපයකට පසු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පිරිස නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!