මාලිගාවත්ත, මැල්වත්ත ප්‍රදේශයේ දී පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන ආශා ෆාරී නොහොත් කුඩු චූටි නැමැත්තියට වෙඩි තැබීමට සැකපිට පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 21 වු, කොළොන්නාව, ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි මොහොමඩ් නවුෆර් මොහොමඩ් අලී නැමැත්තෙක්.
මොහු දැනට ඩුබායිහි බන්ධනාගාර ගතව පසුවන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු ද වන බවයි වාර්තා වන්නේ.
හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 480ක් , රුපියල් 34,000 ක මුදල් හා ජංගම දුරකථනයක් සමඟ අදාළ සැකකරුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මේ වන විට සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරනවා.
