සමාජජාල මාධ්‍යයන් වල සමාජයේ තියෙන විවිධ කතා පෙන්වා දෙනවා. අපි විටින් විට එවැනි කතා පළ කරන්නේ ඇත්තටම ඒවායින් හැමෝටම හොඳ ආදර්ශයක් සැපයෙන නිසාවෙන්.
අපි මේ කියන්න යන්නේ ෆේස්බුක් තුළ දැකපු තවත් කතාවක් ගැන.
මේ සටහන දාලා තිබුණේ කසුන් චතුරක කියලා කෙනෙක්.
මේ ඒ කතාවයි.
හම්බන්තොට සිට පැමිනෙන අතරේ මීට පැය කිහිපයකට පෙර රන්නේ දී මිනිස් රෑපයෙන් දෙවියෙකු දුටිමි,
“පුතා මීකිරි තියනවා,ගෙදර මම ම හදපුවා ගන්නවාද”
“කීයද මාමේ…
රැපියල් 100.00″
වැරදුනාවත්ද???
සැකහැර දැන ගැනීමට නැවතත් ඇසුවෙමි.
“කීයද මාමේ”
“සීයයි පුතේ,ගෙදර හදන ඒවා මන්.
මගේම සත්තු”
හා යමුකෝ
“මල්ලි මට එකක් ඇති.ඔයා කීයක් ගන්නවාද”
ශෙහාන් අයියෙ අපේ ගෙදර පිරිස වැඩී කොල්ලො ඉන්නවා කොයි වෙලෙත් මන් දෙකක් ගන්නවා.ආ මේකත් එක්ක එකටම සල්ලි දෙන්නකො ඔයා..”
“ආ මේ ඉන්නේ ඒ සත්තුද?”
“නෑ ඔය මල්ලිගෙ,මගෙ ඉන්නෙ මී හරක් පට්ටියක්”
කඩයට ඇතුළු වූ මැදිවියේ පුද්ගලයා යන තෙක් සිට,මී කිරි මුට්ටි අපට ගෙදර ගෙන යාමට සකසා දෙන අතරේ ඒ මාමා ඉතාමත් සෙමින්,
“ඔය මගේ පුතෙක්,මට ඉන්නෙ කොල්ලො නමයක්”
ඒ වචන වල හයිය. “මට ඕන දෙයක්” කියන්න නොකියා කිව්වා වැනිය.එක කොල්ලෙක් හිටියත් තාත්තෙක්ගෙ හයිය,මේ තාත්තාට නමයක්නේ.ආයේ ඉතින් තව මොනවට කියන්නද.මා කල්පනා කලෙමි.
“මෙයාලව හදපු අය තමයි පුතේ ඔය උඩ ඉන්නේ”
එක්වරම මගේ දෑස් ඔහුගේ හිසට උඩින් යොමු වුනි.
ගවයින් සිව්දෙනෙකුගේ හිස් කබල සතරක් හා රාමු කරන ලද පින්තූර දෙකක් නෙත ගැටුනි.
“මීට අව්රැදු දෙකකට කලින් ගං වතුරට ගියා පුතේ”
“මා තවත් ලංවී ඉතා හොදින් සියුම්ව බැලුවෙමි.”
සංවේදී මා ඇස් තුලින් පපුව තුලට තියුනු පිහිතුඩක් ඇතුළු කර ගත්තෙමි.ඒ පිහිතුඩ පපුව කීතු කීතු ඉරා ඇස් වලින්ම පපුවේ උනුසුම එලියට ගැනීමට පෙර මා එහි රෑප රාමු කිහිපයක් සමගින් ඉන් ඉවත් උනෙමි.
මා මීට වඩා කිසිත් නොකියමි රෑප රාමු දෙස බලා හැකිනම් ඔබේ හදවතට තට්ටුකර සියුම් විමසුමක යෙදී කුඩා වචනයක් ඔහු වෙනුවෙන් තබන්න යැයි මා ඔබෙන් ඉල්ලමි..?
