Gossip

“කවුද හිරකරලා තියෙන්නේ උඹව.වහාම මේ ශරීරෙන් අයින් වෙන්න ඕනේ.. උඹට විනාඩි 3ක් දෙනවා තීරණයක් ගනින්” සිංදු දාලා, ඩාන්ස් කරලා යක්කු එළවන දේවාලය

අද මිනිස්සු හුඟක් අය මිත්‍යාව පස්සෙයි දුවන්නේ.

ලෙඩක් හැදුනත්, ප්‍රශ්නයක් ආවත්, කරදරයක් වුණත් ඉක්මනටම දුවන්නේ දේවාලෙකට.

එක්කෝ ‌‌කොඩිවිනයක් කරලා, නැත්නම් මිනී අලුදාලා ඔන්න ඔය වගේ අදහස් තමයි අද හුගක් අයගේ ඔලුවටල එන්නේ.

තාක්ෂණය මේ තරම් දියුණු යුගයකත් ඒ විදහේ මිත්‍යා පස්සේ දුවන මිනිස්සු අද ඕනේ තරම් ඉන්නවා.

ඒ වගේ මිනිස්සුන්ව හොඳට ගොනාට අන්දවලා සල්ලි ගරන දේවාලත් රට හැමතැනම අඩුවක් නැතිව තියෙනවා.

සමහර තැන්වල ආගම විකුණනවා.. තවත් තැන්වල දෙවිවරු විකුණනවා.
වැඩේ කියන්නේ මදිනොකියන්න දහස් ගණන් මිනිස්සු මේ දේවාලවලට යන එක.

ඒ විදිහට මිත්‍යාව පතුරවන දේවාලයක වීඩියෝවක් අපිට ලැබුණා.
මෙහි තියෙන්නේ තරුණ කාන්තාවක්ගේ සිරුරට වැහුණු අමනුෂ්‍ය ආත්මයක් ඉවත් කිරීමට දේවාල කපුවෙකු සැරසෙන අයුරුයි.

පුදුමේ කියන්නේ මේ කපුවා ඉස්සෙල්ලම සිංදුවක් දාලා ඩාන්ස් එකක් දානවා.
රාජ මාලිගේ පරවියා වගේ සංදුවට නටලා යකාව එලවලා දාන්න කපුවා පටන් ගන්නවා.

අපිට කියන්න තියෙන්නේ මේ වගේ තැන්වලට යන මිනිස්සුන්ව ඉස්සෙල්ලම මානසික වෛද්‍යවරයෙකුට පෙන්වන්න කියලයි.

මොකද මේක දකින පුංචි දරුවෙකුට වුණත් තේරෙනවා මෙතන කරන්නේ අමූලිකම බොරුවක් කියන එක.
ප්‍රශ්නවලට, කරදරවලට දේවාල පස්සේ දුවන්න කළින් බුද්ධියෙන් හිතලා තීරණ ගන්න කියලයි වෙබ් ගොසිප් අපි ඔබට කියන්නේ.

ඔබත් මේ වීඩියෝව බලලම තීරණය කරන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!