ඉස්සරනම් කාන්තාවක් කියන්නේ ගෘහණියක්. හැබැයි දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා.
අද වෙද්දි කාන්තාවන් පුරුෂයන් හා සමානව රැකියාවල යෙදෙනවා.
ඉතින් අපි මේ කියන්න යන්නේ එහෙම රැකියාවක් කරන කාන්තාවන් පිරිසක් ගැන.
කුරුණෑගල ගිරිවුල්ල දිවුලදෙණිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් පිහිටා තිබෙනවා. එම ඉන්ධන පිරවුම්හලේ සේවය කරන සියල්ලන්ම කාන්තාවන් වීම තමයි මෙහි ඇති විශේෂත්වය.
සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන්නේ ඉන්ධන පිරවුම්හල්වල පිරිමින් සේවය කරන විදියනේ.
හැබැයි මේ පිරවුම්හලේ අයිති කෙනාගේ ඉඳලම සේවය කරන්නේ කාන්තාවනුයි.
මේ සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වූ එම ඉන්ධන පිරවුම්හලේ ඡායාරූප කිහිපයක්.