සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර ඊයේ (15) පැවති විස්සයි 20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
මේ අතර ඊයේ තරඟයේ විස්තර විචාරකයින් වන රොෂාන් අබේසිංහ හා අතාර් අලී ඛාන් අතර සිදුවූ සංවාදයක් මේ වන විට කතාබහක් ඇතිවෙමින් තිබෙනවා.
මීට හේතුව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට විස්සයි 20 තරඟ 08ක් පරාජයට පත්ව ඇති බව අතාර් අලී ඛාන් විසින් පැවසීමත් සමගයි.
කෙසේවෙතත් මීට පිළිතුරු දෙමින් රොෂාන් අබේසිංහ පවසා ඇත්තේ බංගලාදේශයේ තත්වය ඊටත් වඩා නරක බවයි.
2007 – 2010 කාල පරිච්ඡේදයේ බංගලාදේශ කණ්ඩායම පිට පිට විස්සයි 20 තරඟ 12ක් පරාජයට පත්ව ඇති අතර,ශ්‍රී ලංකාව පසුගිය වසරේ විස්සයි 20 තරඟ 8ක් පිට පිට පරාජයට පත්ව තිබෙනවා.
“බංගලාදේශය ගැන ඔබ මොකද හිතන්නේ?එහි තත්වය ඊටත් වඩා නරකයි.ආඩම්බර වෙන්න කිසි දෙයක් නැහැ අතාර්” යැයි රොෂාන් පවසා තිබෙනවා.
මද වෙලාවක් නිෂ්ශබ්දව සිටි බංගලාදේශ විස්තර ප්‍රචාරකයා “මම මේ වාර්තා ගැන විතරයි කිව්වේ,පෞද්ගලිකව ගන්න එපා” යනුවෙන් පවසා තිබූ අතර “ඔයා කියන ඒවා කවුද පෞද්ගලිකව ගන්නේ හාහාහා” යනුවෙන් රොෂාන් ආතර්ට පිළිතුරු ලබාදී තිබෙනවා.
කෙසේවෙතත් ඔබ කියන ඒවා කවුද ගනන් ගන්නේ වැනි හාස්‍යජනක අදහසක් රොෂාන්ගේ පිළිතුරේ අඩංගු වූ බව අන්තර්ජාලයේ මත පළකරන බොහෝ දෙනා පවසා තිබෙනවා.
කෙසේවෙතත් අතාර් අලී ඛාන්ගේ විස්තර ප්‍රචාරය පිළිබඳ සමාජජාල වෙබ් අඩවි හරහා පසුගිය සමයේ හාස්‍යට මෙන්ම විරෝධයට ලක්ව තිබෙනවා.
