Gossip

2020 තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ – ජනතාව රවටන කතාව ගැන ඇත්තම මෙන්න

පාර්ලිමේන්තුව විසුරුවාහැර ඡන්දයකට යන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු (පොහොට්ටුවේ) පීඩනයක් එල්ල කළද ව්‍යවස්ථානුකූලව එය කළ නොහැක්කකි.

ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකය) විසුරුවා හැර මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාගේ හිතුමතේට කළ හැකි වන්නේ පාර්ලිමේන්තු පළමු සභාවාරයේ සිට වසර 4 1/2 ක කාලයක් ගතවී මෙන් පසුව බැවිනි.

එසේම, ඊට අමතරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අතරින් 2/3ක යෝජනා සම්මතයක් මගින් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමෙන් පසුවය.

ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැක්කේ 2020 මාර්තු 01 වැනිදායින් පසුවය.

වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය වැඩිම ආසන හිමි පිළිවෙලට අනුව,
එක්සත් ජාතික පක්ෂයට ආසන 106 යි
එක්සත් ජනතා නිදහස් පක්ෂයට ආසන 95 යි
දෙමළ ජාතික සන්ධානයට ආසන 16යි
ජනතා විමුක්ති පෙරමුණට ආසන 06 යි
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට ආසන 01යි
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ආසන 01යි

වසර 2020 මාර්තු 01 වැනිදා දක්වා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බැවින් ඉහතින් සඳහන් කළ සංයුතියකින් යුක්ත වූ පාර්ලිමේන්තුවෙන් තමන් විසින් යෝජනා සම්මත කර විසුරුවා හැරීම සඳහා මන්ත්‍රීවරු 150ක් සොයා ගත යුතුවේ.

මේ සම්බන්ධයෙන් අප දේශපාලන විචාරකයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

මෙවැනි පාර්ලිමේන්තුවක් විසිරුවා හරින්න යැයි ඉල්ලන දේශපාලකයින් එසේ කරන්නේ ව්‍යවස්ථාව නොදැන ද? යන ගැටලුවත්, ව්‍යවස්ථාවේ සඳහන් කරුණු දන්නේ නම් ව්‍යවස්ථාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් නොදන්නා ජනතාව රවටා තාවකාලික තෘප්තියක් ලබා සාධාරණද යන්න පිළිබඳව සිතා බැලිය යුතු බවයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!