ඇයගේ රූපශ්රියාවත් හරිම සුන්දරයි. ඇයගේ හඬට වගේම රූපයට වසඟ වුණු රසික පිරිසක් ඇයටත් ඉන්නවා.
ඇය තමයි ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුවගෙ ආදරණීය, සෙනේබර දියණිය. ඇය කාවින්ද්‍යා අධිකාරි.
කලා පවුලකින් කලාවට අවතීර්ණ වූ ඇය අද සම්මානනීය රංගන ශිල්පිනියක්. ඒ නිසාම ඇය කාර්යබහුල වෙලා. ඒ තරමට නිර්මාණවලින් ඇයට ආරාධනා ගලාගෙන එනවා.
එහෙත් ඇය එයට සම්බන්ධ වීමට ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ කරුණු කාරණා එක්ක කාවින්ද්‍යා දැන් කෝ කියා අප සොයා බැලුවා.
ගායිකාවක් විදියට පැමිණි ඔබ දැන් වෙනත් මාවතකට ප්‍රවිෂ්ට වෙලා නේද?
ගායන ක්ෂේත්රයේ මම හැමදාමත් ඉන්නවා. මම රංගන ශිල්පිනියක් වෙන්න කවදාවත් හිතුවේ නැහැ.
ජයන්ත චන්ද්‍රසිරි අංකල් අපේ පවුලට ගොඩාක් ළඟින් හිතවත්. ඔහුගේ ‘ඝරසරප’ චිත්‍රපටයට මාව තෝරගෙන අපේ අම්මාට කිව්වා මාව චිත්‍රපටයට ඕනමයි කියලා.
මම හිතුවෙ නැහැ මට රඟපාන්න පුළුවන් වෙයි කියලා. සියලු දෙනාගේ සහාය මත මම අවසානයේ සම්මානනීය රංගන ශිල්පිනියක් වුණා. ඒ ගැන මට සතුටුයි.
ඔබ කවදාවත් හිතුවද මවගේ පසුබිම් හඬ ඇසෙනකොට ඒ හඬට ඔබට රඟන්න ලැබෙයි කියලා?
ඒක තමයි කිව්වේ මෙය මට හීනයක්. අම්මා ‘ඝරසරප’ පසුබිමෙන් ගායනා කරද්දී එයට රඟපාන්න සිදුවෙයි කියලා මම හිතුවෙ නැහැ.
ඒ විතරක් නෙමේ මමයි, අම්මයි එකම වේදිකාවේ එකම චිත්‍රපටයකට සම්මානයක් ගත්තා.
දැන් ඉතින් දිගටම රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නද අදහස?
දැනටමත් මම ගීත දෙකක් ගායනා කරලා ඉවරයි. සෙහාන් ගලහිටියගේ ‘ස්වේත හීන’ ගීත එහි සංගීතය හේමක ජයරත්නගෙනි. ‘තුරුලු වෙන්නද’ ගීතයේ සංගීතය නිමේෂ් කුලසිංහගෙන්. 2020 මුලදි මගේ ආදරණීය රසික රසිකාවියන්ට එය තිළිණ කරනවා.
ඒ විතරක් නෙමේ මටත් අම්මාටත් විදේශීය ප්‍රසංග සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. කුවේට්, ඩුබායි, ඕස්ටේ්රලියා ප්‍රසංග සඳහා එයටත් සහභාගි වීමට සූදානමින් ඉන්නවා.
ඔබ දැන් සම්මානනීය රංගන ශිල්පිනියක්. ඒ නිසා වෘත්තීය කටයුතුවලදී වැඩි මුදලක් අය කරනවා ඇති නේද?
සම්මාන ගත්තා කියලා එහෙම විශේෂත්වයක් නැහැ. මිලක් නැතුවා නෙමේ. මගේ වෘත්තීය කලා කටයුතුවල මිල අම්මා තමයි කියන්නේ.
මිලට වඩා මට නිර්මාණයයි වැදගත්. එය මම අම්මාගෙන් ඉගෙන ගත්ත දෙයක්.
කාවින්ද්‍යාත් දැන් ආදරය කරන බව අපට ආරංචියි?
ජීවිතයට ආදරය අවශ්‍යයි. මම ආදරය කරනවා මගේ අම්මාට. අම්මාගේ ආදරය තරම් මට වටිනා ආදරයක් තවත් කෙනෙක්ගෙන් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. ප්‍රේම සම්බන්ධතා ආදරයකට මම තිත තියලා තියෙන්නේ. එහෙම දෙයක් ගැන මම දැන්ම හිතන්නේ නැහැ. මගේ පාඩුවේ මම ඉන්නවා නිදහසේ.
වසන්ත විතාරණගේ
