සේද මාවත හරහා සිනමාවේ දොරටු විවර කර ගන්නට හර්ශි අංජුමාලාටත් වාසනාව ලැබෙනවා…
පුංචි තිරයේ විවිධ වූ රංගනයන්ගෙන් සමීප වූ ඇය රිදී තිරය ගැන කිව්වෙ මෙහෙම…
කොහොමද කලාවේ ආරම්භය
මම රංගනයට එන්න කලින් දෙරණ ලිට්ල් ස්ටාර් තරගයේ 12න් පහළ නර්තන අංශය යටතේ 2008දී සම්බන්ධ වෙනවා. එතනදී මට ජනප්‍රියම නර්තන තරුව වෙන්න ලැබෙනවා.
ඊට පස්සෙ නිතරම දෙරණ එක්ක මම නර්තන අංගවලින් සම්බන්ධ වුණා. රංගනයටත් මට අවස්ථාව ලැබෙන්නේ මුලින්ම දෙරණ තුළ විකාශය වන සිඳූ නාට්‍යයේ ගයනි ගේ චරිතය තුළින්. මේ වෙද්දි තව ටෙලි නිර්මාණ හයකට වගේ දායක වෙලා තියෙනවා. ප්‍රධාන චරිත නිරූපණය කරන නාට්‍යය දෙකක් මේ අවුරුද්දේ විකාශය වෙන්නත් තියෙනවා. ඒ එක්කම මට ප්‍රසිද්ධ වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් දායක වෙන්න ලැබුණා.
කොහොමද සේද මාවතට අවස්ථාව ලැබෙන්නේ
මම මුලින්ම අඳුනන්නෙ අනුජ් රණසිංහ අයියා, ඉතින් අනුජ් අයියා හරහා තමා මට හර්ශ උඩකන්ද අයියා දැන හඳුනාගන්නෙ ලැබෙන්නෙ..
කොහොමද සිනමාවෙ පළමු අත්දැකීම
ලොකූ අත්දැකීමක් ලැබුවා.මම මේ රංගනයට ඇවිත් ඉතාම කෙටි කාලයක් වෙන්නෙ. පළමු සිනමා නිර්මාණය හොඳ නිර්මාණයක් වීම සහ ප්‍රධාන චරිතයම ලැබීම මම දකින්නෙ භාග්‍යයක් විදිහට.හිරුණි කියන්නෙ අභියෝගාත්මක චරිතයක්. අනුජ් අයියාට වගේම හර්ශ අයියාට ස්තූතිවන්ත වෙන්න ඕනේ මාව විශ්වාස කරලා මේ චරිතය මට දුන්නට.
ඒ වගේම තුසිත අයියා එක්කත් මම වැඩ කළ පළමු නිර්මාණය මේ. ඔහුත් හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම අමතක කරන්න බැහැ දමිතා අබේරත්න අක්කා සහ ක්ලීටස් සර් වැනි ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය.
මෙතෙක් ලැබුණු චරිත ගැන මොකද හිතෙන්නේ
සතුටුයි. එකිනෙකට වෙනස් වූ චරිත මේ කෙටි කාලය තුළදී මට ලැබුණා.
ආරාධනා ලැබුණු අලුත් නිර්මාණ මොනවාද
ආරියරත්න ඇතුගල සර් කරන අලුත් ෆිල්ම් එකට මට කතා කරලා තියෙනවා. තව මම රංගන දායකත්වය ලබා දුන්න ටෙලි නිර්මාණ දෙකක් ඉදිරියේ දී විකාශය වෙන්න තියෙනවා.
අලුත් කෙනෙක් විදියට මේ ක්ෂේත්රය දකින්නෙ කොහොමද?
මම දකින්නේ හොඳ ක්ෂේත්රයක් විදියට.හෙමින් ගමනක් ගියොත් කාලයක් ගිහින් හරි අපිට හොඳ දෙයක් ලැබීමේ අවකාශය නිර්මාණය වෙනවා. මම මේ කියන්නෙ මම ආපු ගමන් මග එක්ක. අනික මගේ පෞද්ගලික අදහස දක්ෂතා එක්කම අධ්‍යාපනයත් දියුණු කර ගන්න ඕනේ කියන එක.මමත් මේ වෙද්දි කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව හා රංගනය පිළිබඳව හදාරනවා. අනික මම දකින විශේෂම දේ තමා කොච්චර ඉහළට ගියත් නිහතමානීව ප්රවීණයන්ගේ ගුරුහරුකම් ලබා ගෙන ඒ අයට ගරු කරමින් මේ ගමන යනවා නම් වරදින්නෙ නැහැ. මට ආදරය කරන රසිකත්වයට මමත් හරි ආදරෙයි,ඒ ආදරය තමා අපිව මේ විදිහට ලස්සනට ජීවත් කරන්නෙ.
පවුලේ විස්තර ටිකක් කියමු
අම්මා තාත්තා සහ අක්කලා දෙන්නෙක්. ඒ දෙන්න නම් කලාවට සම්බන්ධ නැහැ.
අනාගත බලාපොරොත්තු මොනවාද?
මේ දිනවල මගේ උපාධියේ වැඩ කටයුතුත් කරගෙන ලැබෙන නිර්මාණවලට හොඳින් දායක වෙන්න තමා බලාපොරොත්තුව.
අනුෂා රණසිංහ
ඡායාරූපය – සමන් අබේසිරිවර්ධන
