පුරාණ ඊජිප්තුවේ රජකු වන (පාරාවෝ) වන තුතන්කාමන්ගේ සොහොන් ගැබ තුළ පිහිටි ඔහුගේ මමිකරණයට ලක් කළ දේහය සහිත රන් ආලේපිත මිනී පෙට්ටිය සොයාගෙන. වසර 97 කට පසු සෙහොන් ගැබෙන් පිටතට ගෙන ප්රදර්ශනයට තබා තිබේ.
සොහොන් ගැබේ තැම්පත් කර තිබුණු රන් ආලේපිත අලංකාර කැටයමින් යුත් මෙම මිනී පෙට්ටිය පමණක් නොව, සොහොන් ගැබ තුළ තිබූ තවත් පුරාවස්තූන් රැසක් මේ වනවිට ප්රදර්ශනයට තබා ඇත. මෙම කෞතුකාගාරය ඉදිකිරීමට ඊජිප්තු රජයට අනුග්රහය ලැබී ඇත්තේ ජපානයෙදි. ප්රදර්ශනයට තබා ඇති මේ පුරාවස්තු නැරැඹීමට දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනක් පැමිණෙන බව ඊජිප්තු පුවත් සේවා පෙන්වා තිබෙනවා.
