මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට යුරෝපා කොමිසම තීරණය කර ඇත.
යුරෝපා කොමිසම ඊට අදාළ ලැයිස්තුව මැයි 7 වැනිදා ප්‍රකාශයට පත් කළේය.
ජී 7 සමුළුවේ මූලිකත්වයෙන් ස්ථාපිත කරන ලද මූල්‍ය කාර්ය සාධක බලකාය 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සහිත රටක් ලෙස ‘අළු ලේඛන’ ගත කළේය.
ඒ අනුව යුරෝපා කොමිසම 2018 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තු ගත කළේය
මූල්‍ය කාර්ය සාධක බලකාය ශ්‍රී ලංකාව ‘අළු ලේඛන’ ගත කිරීමත් සමඟ හඳුනාගත් උපායමාර්ගික දුර්වලතා මඟහරවා ගැනීම සඳහා කාල රාමුවකට යටත්වූ ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවට ලබාදෙන ලදි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය අනෙකුත් පාර්ශවකරුවන් සමඟ ඉහත ක්‍රියාකාරී සැලැස්ම ලබාදුන් නිශ්චිත කාලරාමුව තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේ ඔක්තෝබර් මස 13 සිට 18 දක්වා පැරීසියේ පැවැති මූල්‍ය කාර්ය සාධක බලකා සැසිවාරයේදී ශ්‍රී ලංකාව ‘අළු ලේඛනයෙන්’ ඉවත් කරන ලදි.
