Gossip

කොවිඩ් සමයේ ජනතා හැසිරීම අන්තිමයි

කොවිඩ් සමයේ ජනතාවගේ හැසිරීම සතුටුදායක නොවන බව කනගාටුවෙන් ප්‍රකාශ කිරීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

සමහර අවස්ථාවල කිසිදු ආකාරයක නිරෝධායන රීතියකට ගරු නොකර මහජනතාව කටයුතු කරන ආකාරය නිරීක්ෂණය වූ බවත්,සමහර ස්ථානවල මහජනතාව හැසිරුණු ආකාරය වීඩියෝ ගතකර තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

අනවශ්‍ය ලෙස පැමිණෙන පුද්ගලයන් හා වාහන පිළිබඳව සොයා බැලීමට සිවිල් ඇඳුමින් නිලධාරීන් රැසක් ඊයේ (12 වැනිදා) සිට යොදවා ඇති බවත්, ඔවුන්ගේ දැනුම් දීම අනුව නිල ඇඳුමින් සිටින නිලධාරීන් අවශ්‍ය අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කීවේය.

කොළඹ නගරය සී.සී.ටී.වී පද්ධතියකින් ආවරණය කර තිබෙන අතර, පාලක මැදිරියේ සිට ඒවා නිරීක්ෂණය කරන බවත් එහිදී දුරස්ථභාවය යන කාරණය අමතක කර ජනතාව හැසිරෙන අයුරු නිරීක්ෂණය වූ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසයි.

ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවා හා රැකියා ස්ථානවලට එන අයට හැර වෙන කිසිවකුට වාහන භාවිතයට අවසර නෑ. පෙරේදා (11 වැනිදා) වාහන තදබදය නතර කිරීම සඳහා මාර්ග බාධක රැසක් ඉවත් කළා.

නමුත්විශාල වශයෙන් පෙරේදා (11 වැනිදා) දිනයේ වාහන ගමනා ගමනය දක්නට ලැබුණා යැයි ද පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා බොරැල්ල සහ බම්බලපිටිය පොලිස් ස්ථානවලින් පෙරේදා සවස් කාලය වන විටදී වාහන 300 කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බවත් පොලිසියට වාහනය භාර ගැනීමෙන් පසු නඩුව අවසන් වනතුරුම එය පොලිස් භාරයේ තබා ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!