මෝටර් රථ නිෂ්පාදකයින් විසින් ළඟදීම මෝටර් රථ අලෙවි කරන මිල ගණන් තවත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
මෙම තත්ත්වයට ඝෘජුවම කොවිඩ් වසංගත තත්ත්වය බලපා ඇති බවද වාර්තා වෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ MG, මහේන්ද්‍රා සහ මරුටි සුසුකි වැනි සමාගම් ඒ බව තහවුරු කර ඇති බවයි.
වාහනවල මුල් උපාංග නිෂ්පාදකයන් විසින් එම උපාංග සෑදීමට ගන්නා අසීමිත යෙදවුම් පිරිවැය මීට හේතුවී තිබෙනවා.
ඒ අනුව ඉතාමත් ඉක්මනින් මෝටර් රථවල මිල ඉහළ යනු ඇති බවට ඉහත සඳහන් සමාගම් විසින් සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තත්ත්වය නිසා ඉන්දියාව තුළ 2021 වසරේදී මෝටර් රථ මිල වරින් වර ඉහළ දැමීම ද සිදුවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේන්ද්‍රා සහ මහේන්ද්‍රා සමාගමේ ප්‍රධායන විධායක නිලධාරිවරයා පවසා ඇත්තේ “අපි දන්නවා මිල ඉහළ දැමීමෙන් කොපමණ මෝටර් රථ වෙළෙඳපොළට කොයිතරම් දුරට බලපෑමක් එල්ල කරනවාද කියලා”.
මෝටර් රථ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මරූටි සුසිකි ඉන්දියා සමාගම පවසා ඇත්තේ තම ආයතනය මෝටර් රථවල මිල සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
“අපි ඉහළ රේඛාව සහ පහළ රේඛාව අතර සියුම් රේඛාව ඔස්සේ ගමන් කරමින් අපි සුදුසු තීරණයක් ඉදිරියේදී ගැනීමට කටයුතු කරනවා.”
මෝටර් රථ, යතුරු පැදි ඇතුළු කුඩා ප්‍රමාණයේ ලොරි රථ වැනි ජනප්‍රිය රථ වාහන ශ්‍රී ලංකාවට ද වැඩි වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි.
ඒ අනුව ඉන්දීය සමාගම් තම රථ වාහන මිල ඉදිරියේදී ඉහළ දැමුවහොත් ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙද පොළට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි මෝටර් රථ මෙරටට ආනයනයකරනු ලබන වෙළෙඳ ව්‍යාපාරිකයින් සඳහන් කරයි.
