Gossip

ස්ත්‍රී දූෂකයා වසර 23ක් දංගෙට… “මම තවමත් රෑට බයවෙනවා” – වින්දිත කාන්තාව

ගම්පහ හෙන්ඩිමහර ප්‍රදේශයේදී නිවසකට අයුතු ලෙස ඇතුළු වී එම නිවසේ සිටි එක් දරු මවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවූ අයෙකුට බරපතළ වැඩ ඇතිව වසර 23ක සිරදඬුවමක් නියමකර තිබෙනවා.

ගම්පහ අංක 01 මහධිකරණය විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් එම සිරදඬුවමක් නියමකර තිබෙනවා.

එම සිරදඬුවමට අමතරව චෝදනා දෙකට රුපියල් 55,000ක දඩයක් ද නියමකර ඇති අතර වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ 02ක වන්දි මුදලක් ගෙවීමටද විත්තිකරුට නියම කෙරුණා.

දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වර 02ක සිරදඬුවමක් නියම වුණා.

නිවසකට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාවට නියම වූ බරපතළ වැඩ ඇතිව වසර 08ක සිරදඬුවම සහ ස්ත්‍රී දුෂණය යන චෝදනාවට නියම වූ බරපතළ වැඩ ඇතිව වසර 15ක සිරදඬුවම වෙන් වෙන් වශයෙන් ගෙවීයා යුතු බවට නියමකළ මහාධිකරණය, දඩ මුදල් නොගෙවන්නේ නම් චෝදනා දෙකට නියම වූ මාස 06 බැගින් වූ සිරදඬුවමක ද වන්දි මුදල් නොගෙවන්නේ නම් නියම වූ එක් වසරක සිරදඬුවමක ද වෙන් වෙන් වශයෙන් ගෙවී යායුතු බවට නියම කෙරුණා.

ගම්පහ, හෙන්ඩිමහර ප්‍රදේශයේ පදිංචිකරුකු වන ඩබ්. එස්. එම්. සෙනරත් බණ්ඩාර රාජවර්ධන නැමැති 56 හැවිරිදි තිදරු පියකුට මෙසේ සිරදඬුවම් දඩ සහ වන්දි මුදල් ගෙවීමට නියම වුණා.

2015 වර්ෂයේදී ජුලි මස 11 වනදා හෝ ඊට ආසන්න දිනයකදී චූදිතයා විසින් ඉහත වැරදි සිදුකර තිබූ බවට මහාධිකරණයේදී අනාවරණය වුණා.

එවක 39 වැනි වියේ පසු වූ වින්දිත කාන්තාව තම කුඩා දරුවා සමග කාමරයක් තුළ නිදා සිටියදී ප්‍රධාන ‘ස්විචයෙන්’ නිවසේ විදුලිය විසන්ධිකර ඇති විත්තිකරු පිහියක් පෙන්වා මරණ බවට බිය ගන්වා තිබෙනවා.

තමාට අවනත නොවූණ හොත් සාක්ෂි නොමැති මිනී දෙකක් නිවස තුළ තිබිය හැකි බවට පවසා වින්දිත කාන්තාව බිය ගන්වා තිබෙනවා.

විත්තිකරුට මිනීමැරුම් නඩුවක් ඇති බවට වින්දිත කාන්තාව දන්නා හෙයින් මරා දමාවි යැයි සිතා බිය වී තිබෙනවා.

ඉහත වැරිදි විත්තිකරු විසින් සිදු කිරීමෙන් අනතුරුව විත්තිකරු විසින් ම නිවසේ විදුලිය දල්වා තිබෙනවා.

අනතුරුව වින්දිත කාන්තාව විත්තිකරු හොඳින් හඳුනාගෙන ඇති බව මහාධිකරණයේදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

නඩු විභාගය ආරම්භයේදීම විත්තිකරු මහාධිකරණය මඟහැර සිටියදී මහාධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත විත්තිකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව නඩු විභාගය අවසන් වන තුරුම වසර තුනකට ආසන්න කාලයක් අධිකරණ නියමයෙන් විත්තිකරු රිමාන්ඩ් භාරයේ පසුවූ බවට ද සඳහන් වුණා.

වින්දිත කාන්තාවට චූදිතයා විසින් අපරාධය සිදුකරන කාලයේ දී වින්දිත කාන්තාවගේ සැමියා බන්ධනගාරගතව සිට ඇති බවත් මෙම අපරාධය සූක්ෂ්ම ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් පෙර සුදානම් වී සිදුකළ අපරාධයක් බවත් පැමිණිල්ල මෙහෙයවමින් රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා මහාධිකරණය හමුවේ පැවසුවා.

වින්දිත කාන්තාවගේ සාක්ෂිය, පොලිස් පරික්ෂණ, වෛද්‍ය වාර්තා සහ රස පරීක්ෂක වාර්තා කිසිසේත් බැහැර කළ නොහැකි සාක්ෂි බව තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විවෘත අධිකරය හමුවේ පැවසුවා.

වින්දිත කාන්තාව ද මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර සිදුවීම සම්බන්ධයෙන් තවත් යමක් කීමට ඇත්දැයි මහාධිකරණය ඇයගෙන් විමසා සිටියා.

චුදිතයා සිදුකළ අපරාධය නිසා තමා තවමත් රාත්‍රීයට බිය වන බව ඇය මහාධිකරණය හමුවේ පවසා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!