Gossip

පිං හරක් මසට විකිණු ඇමති ලේකම් – ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමයේ සහතිකයකුත් තිබිලා

මත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ගවයන් 22ක් බණ්ඩාරවෙල මස් කඩයකට රැගෙන යමින් සිටි අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලුණුගම්වෙහෙර පොලීසිය විසිනුයි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහ සංගමය විසින් අදාළ සැකකරුට 2020 වර්ෂයේදී “වන සත්ත්ව සංවිධානයේ සභාපති” ලෙස සහතික පත්‍රයක් නිකුත්කර තිබෙනවා.

එම සහතික පත්‍රය ප්‍රයෝජනයට ගෙන ගවයින් ප්‍රවාහන කටයුතු නීතිමය අවසරයකින් තොරව සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

ප්‍රදේශයේ ගවපට්ටිවලින් ලබාගන්නා ගවයින් එලෙස ප්‍රවාහනය කරන බව පෙන්වා සැකකරු එම හරක් ප්‍රවාහනය කර ඇත්තේ.

ගවයින නිදහස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලබාදී ඇති ස්තුති ලිපියක් පෙන්නා සැකකරු පැන යාමට උත්සාහ කළ ද එය අසාර්ථක වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!