පොලිස් නිලධාරින් කියන්නේ නිතරම බැනුම් අහන පිරිසක්.
ඒ අතරින් වැඩියෙන්ම බැනුම් අහන්න වෙන්නේ ට්රැෆික් පොලිස් නිලධාරීන්.
ඒත් මේ පොලිස් නිලධාරීන්ට බනින්න කළින් ඔබ කවදාමහරි හිතලා තියෙනවද ඔවුන් මොන තරම්නම් කැපකිරීමක් කරනවද කියලා..
අව්වට පිච්චිලා, වැස්සට තෙමිලා කුසගින්න දරාගෙන මහමඟ සේවය කරන ඔවුන් නිසා අපේ ජීවිත කොයිතරම්නම් ආරක්ෂා වෙනවද..?
සමහරක් කරන වැරදි නිසා කිරි කලයට ගොම බින්දු එකතු වුණත්, ඔවුන්ගේ හොඳ වගේම ඔබත් මමත් වෙනුවෙන් ඔවුන් වෙහෙසන හැටි ගැන හොයලා බලන්න අපි හිතුවා..