Gossip

පයට පෑගුණු රටේ අභිමානය – Video & Photos

මීට මාස කිහිපයකට පෙර තරුණයන් පිරිසක් පිදුරංගලදී ගත් ඡායාරූප පෙළක් රටේ ආන්දොලනයක් ඇතිකළ අයුරු ඔබට මතක ඇති.

ඒ උණුසුම ක්‍රමයෙන් මැකී යමින් තිබියදී හොරොව්පතාන කිරලාගල පුරාවිද්‍යා රක්ෂිතයේ නටඹුන් වී ඇති ස්ථූපයක කොටසක් මත සිට පිරිසක් ගත් ඡායාරූප පෙළක් සමාජ ජාලා වෙත මුදාහැරීමේ සිද්ධියක් කරළියට පැමිණ තිබෙනවා.

එම ස්ථානය බවත්, අදාළ පිරිසෙන් 4 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල මහතා අද දෙරණට සඳහන් කළේය.

අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පතාන නගරයට ආසන්නයේ කිරලාගල පදානඝර විහාර සංකීර්ණය පිහිටා තිබෙනවා.

ක්‍රිස්තු වර්ෂ 4 වන හා 5 වන සියවසට අයත් බව පැවසෙන මෙම විහාර සංකීර්ණය භාතිකාභය තිස්ස රජු විසින් කරවන ලද සෙල් ලිපියක දපතකර වෙහෙර ලෙසද හඳුන්වා තිබේ.

පසුගිය දිනක පිරිසක් එහි නටඹුන්ව ඇති චෛත්‍ය මත නැඟ ඡායාරූප ගෙන සමාජ ජාලා වෙත මුදා හැර තිබුණු අතර එම ක්‍රියාව බොහෝ පිරිසකගේ දැඩි විවේචනයට ලක්ව තිබුණේය.

මේ අතර පුරාවිද්‍යාත්මක ස්ථානයක මෙලෙස හැසිරුණු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අදාළ ඡායාරූපවල සිටින පුද්ගලයින් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් බවටත් ඔවුන්ගෙන් 4 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවත්, අද දෙරණ කළ විමසීමකදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල මහතා පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!