ඇල්ල රෝක් ප්‍රදේශයේ බෑවුම් සහිත කොටසක ඊයේ පස්වරුවේ ගින්නක් ඇති වී තිබෙනවා. පසුව එම ගින්න නිවා දාන්න යුධ හමුදාවේ ද සහය ඇතිව කටයුතු කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබෙනවා.
මෙම හටගත් ගින්න හේතුවෙන් බුරුල් වී ගිය ගල් ඇල්ල – වැල්ලවාය මාර්ගයට පෙරළිමේ අවධානමක් තිබෙන බවට බදුල්ල දිස්ත්‍රික්,ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේ මාර්ගයෙන් ගමන් ගන්නා රියදුරන්ට අවධානයෙන් යුතුව ක්‍රියා කරන ලෙසද එතුමා තව දුරටත් ප්‍රකාශ කර සිටිනවා.