අපිට නොයෙකුත් ආකාරයේ උපකරණ හා උපාංග එදිනෙදා ජීවිතයේදී මුණගැසෙනවා. නමුත් මේ හැම එකකින්ම ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම අපි දන්න සමහර උපකරණ වල තියෙන ඇතැම් කොටස් වලින් කරන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. අද අපි ඔයාලට අරගෙන එන්නේ අන්න ඒ වගේ ප්‍රයෝජනය මොකක්ද කියලා අපි හරියට දන්නේ නැති උපකරණ 10ක ඇති ප්‍රයෝජන පිලිබඳවයි.
01. ඔබේ කමිසය පිටුපස ඇති එල්ලන ලූප් එක

මෙයින් ගත හැකි ප්‍රයෝජන 3ක් දැක්විය හැකිය. පළමු වැනි ප්‍රයෝජනය වන්නේ අපි කවුරුත් දන්නා පරිදි කමිසය එල්ලා තැබීමයි. මෙහි දෙවැනි ප්‍රයෝජනය කමිස වල කොලර් ගලවා වෙන් කළ හැකි කමිස ඇති යුගය දක්වා දිව යනවා. එසේම මෙමගින් ටයි පටිය එල්ලා තැබීමට ද පුළුවන්. මේ සම්බන්ධව ඇති තුන්වෙනි අදහසනම් හරිම ප්‍රේමණීයයි. ඇමරිකානු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ප්‍රේමයෙන් බැඳීමත් සමග ඔහුට ඒ බව සංකේතවත් කිරීමට කමිසයේ මෙම ලූප් එක ඉවත් කරන ලෙස කියන ලදී. ඔහුගේ පෙම්වතිය ඔහුගේ විශ්වවිද්‍යාලයේ ලාංඡනය සහිත ස්කාර්ෆ් එකක් පැළදුවාය.
02. ලැප්ටොප් එකේ චාර්ජින් කේබල් එකේ ඇති සිලින්ඩරාකාර ගෙඩිය

ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන විට ඔබ මෙම කුඩා සිලින්ඩරාකාර ගෙඩිය දැකලා ඇති. මේ කුඩා හා ඉතා වැදගත් දෙය හඳුන්වන්නේ ferrite bead ලෙසය. එමගින් සිදුවන්නේ විද්‍යුත් පරිපථවල අධි සංඛ්‍යාත ශබ්දය මර්දනය කිරීමයි. එහි ඇත්තේ ඉතා සරල සැලසුමකි. මෙම බහලුම නිමවා ඇත්තේ ෆෙරයිට් වලිනි.
03. ගුවන් යානා වල ජනේලයේ ඇති කුඩා සිදුර

ගුවන් යානයක ජනේලය සාදා ඇත්තේ ප්ලාස්ටික් වීදුරු කොටස් දෙකකිනි. එහි අභ්‍යන්තර වීදුරුව ගුවන් යානයේ අභ්‍යන්තර හා බාහිර පීඩන අසමතුලිතතා නිසා බිඳී යා හැකියි. මෙම අභ්‍යන්තර වීදුරුවේ සාදා ඇති කුඩා සිදුර මගින් වාතය එහාමෙහා යාමෙන් පීඩනය තුලිත කරයි.
04. මකනයේ ඇති නිල්පාට කොටස

සමහර අයනම් කියන්නේ එම නිල් පැහැති කොටස තියෙන්නේ පෑන් ඉරි මකාගැනීම සදහා කියලයි. නමුත් මේක සත්‍ය නැහැ. මෙම නිල් පැහැති කොටස නිෂ්පාදනයේ අරමුණ වන්නේ ඝනකම කඩදාසි වල ඇති සලකුණු මකා ගැනීමය. මෙහි රෝස පැහැති කොටසින් යමක් මකා ගත් විට කුඩා පැල්ලම් ඉතිරි වෙන අතර නිල් පැහැති කොටසින් සියල්ල ඉවත් වෙයි.
05. කොලරයේ ඇති බොත්තම් සිදුරු හරස් අතට තිබීම

අපි දැකලා තියෙන දෙයක් තමයි අපේ කමිස වල අනෙක් හැම බොත්තම් සිදුරක්ම සිරස් අතට තිබෙන අතර කොලරයේ පමණක් තිරස් අතට තිබීම. මෙයට හේතුව වන්නේ එම බොත්තම ඉතා පහසුවෙන් ගැල්වී යාමට ඇති හැකියාව නිසාය.
06. සපත්තුවේ ඇති අමතර අයිලට්ස්

ඔබ දැක ඇති ඔබේ ක්‍රීඩා සපත්තුවල ඉහළට වෙන්න අමතර අයිලට්ස් තිබෙන බව. මෙහි අදහස වන්නේ ඔබ ක්‍රීඩා කරනවිට ඔබේ වළලුකර එකිනෙකට නොගෑවෙන ලෙස තබාගැනීමටයි. සපත්තුවේ ලේස් එම අයිලට්ස් වලට දමා තද කළ විට සපත්තුව ඉතා හොදට කකුලට තද වී පවතිනවා.
එසේම මේ ආකාරයට සපත්තුවේ පහළ කොටසේ සිදුරු පිහිටා ඇත්තේ සපත්තුව තුළට වාතය ගමන් කිරීම සදහාය.
07. ස්පැගටි හැන්දේ ඇති සිදුර

ස්පැගටි හැන්දේ සිදුරක් ඇත්තේ ඔබට එක් පෝෂන් එකකට අවශ්‍ය වන පැස්ටා ප්‍රමාණය මැන ගැනීම සදහාය. ඇත්ත වශයෙන් සමහර කෙනෙක් මේ ප්‍රමාණයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් පැස්ටා ආහාරයට ගන්නවා ඇති නමුත් ස්පැගටි හැන්දේ මේ සිදුර නිර්මාණය කොට ඇත්තේ සාමාන්‍ය අගයක් වශයෙනි.
08. ඩෙනිම් කලිසමේ ඇති කුඩා සාක්කුව හා රිවට්ස්

අපි කාගෙත් ඩෙනිම් කලිසම් වල තියෙන දෙයක් තමයි මේ කුඩා සාක්කුව. ඇත්තටම මෙහි අරමුණ තමයි සාක්කු ඔරලෝසුව දමාගෙන යාම. මෙය මුලින්ම 1873දී ලෙවිස් කලිසම් වල තමයි දකින්න පුලුවන් වෙලා තියෙන්නේ. එසේම මුල් කාලීනව ඩෙනිම් ඇන්දේ බහුලව බර වැඩ කරන අයයි. ඔවුන් වැඩ කරන විට පහසුවෙන් කලිසම් ඉරී යන්නට පටන් ගත්තා. මෙය වළැක්වීමටයි රිවට් මුලින්ම යොදාගත්තේ.
09. බෝල්පොයින්ට් පෑනෙ කොපුවේ ඉහල තිබෙන සිදුර

මෙය තිබෙන්නේ කොපුව කෙනෙකුගේ උගුරේ සිර වුවහොත් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට පහසුවක් ලෙස වෙන බවයි ජනප්‍රිය අදහස. නමුත් මේක ක්‍රියා කරන්නේ ඒ සඳහාම නොවෙයි. යමක් උගුරේ සිර වුනාම එයට ප්‍රතිචාරයක් ලෙස මෘදු ශ්ලේස්මල පටලය හැකිලීමට පටන් ගන්නවා. කොපුව එයට උරා ගැනීම වැළැක්වීමටයි සිදුර සාදා ඇත්තේ.
10. අලුත් ඇඳුම් සමඟ එන කුඩා රෙදි කැබලි

වටිනා ඇඳුම් මිලදී ගන්න කොට අමතර බොත්තමක් එක්ක ඇඳුම මැසීමට භාවිතා කල රෙදි කැබැල්ලක් තියෙනවා. මේක එවන්නේ ඇඳුමේ ඉරුණු තැන් පිළිසකර කරන්න නෙවෙයි. මේක තියෙන්නෙ ඔබ ඇඳුම වොෂින් මැෂින් එකට දාන්න කලින්හෝ අයන් කරන්න කලින් වගේ අවස්තාවක කලින් පරීක්ෂා කර බැලීමටයි. එයින් ඇඳුමට ඍජුව හානි වීම වැළකෙනවා.
