Gossip

ආසාදිතයන් හමුවන තැන් හුදෙකලා කරනවා

කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් තවදුරටත් හමුවුවහොත් ස්ථානීය වශයෙන් හුදෙකලා කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
කොවිඩ් රෝගීන් හමුවුවද රට පුරාම බරපතළ තත්ත්වයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමේ අරමුණින් රට විවෘත කළද ජනතාව සෞඛ්‍ය නීතිරීති නිසිපරිදි අනුගමනය කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.
රාජාංගණය ප්‍රදේශයේ පවුල් දොළොස්දහසක් පමණ මේ වන විට හුදෙකලා කර ඇති බවද ඔහු පැවැසුවේය. රාජාංගණය ප්‍රදේශයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවද ඔහු කියා සිටියේය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීම සඳහා ගිය ආශ්‍රිතයන් රඳවා සිටින පල්ලේකැලේ, තන්තිරිමලේ, රන්ටැඹේ මධ්‍යස්ථානවලද ඊයේ (15 වැනිදා) දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.
කොළඹ නගරයේ උතුරු හා මැද කොළඹ ප්‍රදේශවලද පීසීආර් පරීක්ෂණ තුන්සිය පනහක් පමණ සිදුකළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසයි.
මෙම පිරිස කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන්ගේ ආශ්‍රිතයන් බවද ඔහු පැවැසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!