Gossip

“2016 සිට බුද්ධි තොරතුරු දුන්නත් තව්හිද් ජමාත් ගැන හිටපු පොලිස්පති පූජිත් පියවර ගත්තේ නෑ..”

පාස්කුදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් ජාතික තව්හිද් ජමාද් සංවිධානය සම්බන්ධ තොරතුරු ජාතික බුද්ධි අංශය 2016 වසරේ සිට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ලබා දී තිබූ බව හිටපු පොලිස්පතිවරයාගේ ලේකම් කාර්යාලයේ සේවය කළ අචල දුෂ්මන් නමැත්තා පාස්කුදා ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
විවිධ ආයතන ඔස්සේ මෙම සංවිධානය ගැන බුද්ධි තොරතුරු පොලිස්පතිවරයාට ලැබුණු බවත්, එම තොරතුරුවලට අදාළව පියවර නොගත් බවත් හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය බුද්ධි අංශය මගින් ලැබෙන තොරතුරු තම කාර්යාලයට ලැබෙන බවත්, ඒවා වාර්තා කර පොලිස්පතිවරයාට ලබාදෙන බවත් සඳහන් කළ අචල දුෂ්මන් මහතා ඇතැම් තොරතුරු කෙළින්ම පොලිස්පතිවරයාට ලැබෙන බවත් කීවේය.
පොලිස්පති ලේකම් කාර්යාලයට ලැබෙන බුද්ධි තොරතුරු සහ උසස් නිලධාරීන්ට යවනු ලබන බුද්ධි තොරතුරු පරිගණක ඔස්සේ වාර්තා කර තැබීම තම රාජකාරිය වූ බව ද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!