මේ දිනවල බංග්ලාදේශයේ ක්‍රියාත්මක පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලිය ඔබ නරඹනවානම් ඔබ වෙනදා නොදුටු අලුත් වර්ගයේ කඩුලු දැක ගත හැකියි.
මේ කඩුලුමත තිබෙන බේල්ස්(bails) වලට යමක් ගෑවුණු සැණින් එවා දැල්වීම සුවිශේෂී දෙයක්.
මෙම බේල්ස් අයි ෆෝන් එකකටත් වඩා අධික මිලකින් යුක්ත බව අපට දැනගන්නට ලැබුණා.
මෙම බේල්ස් හි ආලෝක ධාරාව ලබා දෙන්නේ එල්,ඊ,ඩී බල්බ වලිනි.
එහි ආලෝක ධාරාව ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද දැක ගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.
මෙම අධිතාක්ෂණික බේල්ස් සහ කඩුලු “Zing” ලෙස නම් කර ඇති අතර එය ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇත.
