අයිෂ්චර්යා රායි කියන්නේ ලෝකයම ආදරය කරන සුරූපීම බොලිවුඩ් නිළිය.
ඇය තමාගේ මව යැයි පවසමින් පුද්ගලයෙක් ඡායාරූප කිහිපයක්ද සමඟින් මාධ්‍යයට අමුතුම කතාවක් හෙළිකරලා.
සංගීත් කුමාර් නමැති ඔහු අන්ද්‍රා ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු පවසන්නේ අයිෂ්චර්යා රායි වයස අවුරුදු 14 දී තමාව මෙලොවට බිහිකළ බවයි.
මේ වනවිට අයිෂ්චර්යා 44 වැනි වියේ පසුවන වන අතර සංගීත් කුමාර්ට වයස අවුරුදු 30 ක්.
අයිෂ්වර්යා තමන්ගේ මව බවට ඔප්පු කළ හැකි සියලුම ලියකියවිලි ඥාතින් විසින් විනාශ කළ බවත් ඔහු මාධ්‍යයට පවසා තිබෙනවා.
තම මව වෙත ගොස් ජීවත්වීමට තමාට අවශ්‍ය බවද ඔහු පවසනවා.
ඉන්දීම මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ අදාල පුද්ගලයා පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවයි.
