Gossip

නාමල් නිසා මධුමාධව රංජන්ට පහර දෙයි – සම්පූර්ණ සිද්ධිය මෙන්න

පසුගිය දවස්වල ආන්දෝලනාත්මක විදියට කතාබහට ලක්වුණු කෙනෙක් තමයි නාමල් උඩුගම කියලා කියන්නේ. ඒ නාමල්ට අක්මාවෙන් කොටසක් දුන් ක්‍රිෂාන්තට සිදුකළා බව කියන වංචාවක් ගැන දිගින් දිගටම මාධ්‍ය තුළින් කතාබහට ලක්වූ නිසායි.

ඉතින් මේ සිදුවීම් මෙසේ සිදුවෙද්දි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මේ ප්‍රශ්නයට මැදිහත් වුණා.

කෙසේවෙතත් නාමල් උඩුගම හා ක්‍රිෂාන්තගේ ප්‍රශ්නයට රන්ජන් මහතා මැදිහත්වීමත් සමග ක්‍රිෂාන්තට සිය රැකියාව නැවත ලැබුනත් නාමල්ට ඉන් අසාධාරණයන් සිදු උනු බවටත් ඇතැමුන් පැවසුවා. කෙසේ වෙතත් බහුතරයක් රන්ජන් රාමනායක කල ක්‍රියාව අගයමින් නාමල්ට බැන වැදුනු අතර මේ සම්බන්ධව නාමල්ගේ සැත්කමට මුල්ව කටයුතු කල මධුමාදව අරවින්ද අදහස් පල කර තිබෙනවා. මේ ඔහු කියපු කතාවයි.

නාමල් උඩුගමට අක්මාවෙන් කොටසක් බද්ධ කිරීම ගැන ආයෙත් කතා වෙනවා. මොකක්ද මේකේ ඇත්ත?
මේ කතාවේ මට නම් අවධි 3ක් පේනවා. ඒ අවධි තුනේදී එකම චරිත විවිධ වෙනස්කම්වලට ලක්වෙලා තියෙනවා. වීරයා ද්‍රෝහියා වෙලා. ද්‍රෝහියා වීරයා වෙලා. කාලයක් එක්ක ප‍්‍රශ්නකාරී තත්ත්වෙකට ඇවිත්.

ඒ අවධි එකින් එක පැහැදිලි කරමුද?
නාමල් උඩුගම කියන ජීවිතේ හොයන මිනිසාට ක‍්‍රිශාන්ත කියන ජීවීතේ පූජා කරපු මිනිසා මුණගැහෙනවා. ක‍්‍රිශාන්ත මුණගැහෙන්නෙ පත්තරේ දාපු දැන්වීමකට අනුව. එතැනදි තුන්දෙනෙක් ඉදිරිපත් වුණා. එක්කෙනෙකුගේ නම් තිබුණෙ වෙන අදහසක්. අනෙක් කෙනාගේ ලේ වර්ගය ගැළපෙන්නේ නෑ. ක‍්‍රිශාන්තගේ තමයි හැමදේම ගැළපුණේ. ඒ නිසා ක‍්‍රිශාන්තව තෝරාගත්තා. ඒකෙන් පස්සේ තමයි ඔය අක්මාවේ කොටසක් බද්ධ කිරීම සඳහා වැඩපිළිවෙල සකස් වෙන්නේ.

කලාකරුවො විදිහට අපි ලෝකයට නාමල්ගේ තත්ත්වය කිව්වයින් පස්සේ ගොඩක්දෙනා උදව් කරා. නාමල්ගේ සැත්කමට අවශ්‍ය මුදල් රෝහල් ගාස්තු ක‍්‍රිශාන්තට ගෙවිය යුතු මුදල් ඒ හැමදේම නිවැරදි විදිහට කරා. අපි සල්ලි ඉල්ලන්න අපේ මූණු පාවිච්චි කළා. අපි ගොඩක් මහන්සි වුණා. හැබැයි ඒක අපට දැනුණේ නෑ. ඒ තරම් කැමැත්තෙන් අපි ඒක කරේ. මාධ්‍යවලින් අපට උදව් කරා. හැබැයි කිසිම කලෙක මේ මුදල් පරිත්‍යාග කරනවා අපි ප‍්‍රසිද්ධියේ පෙන්නුවේ නෑ. ඒ මුදල් භාරගත්තේ නාමල්ගේ නෝනා. මුදල් ලබාදුන්නේ අපි අත තියාපු නැති ගිණුමකින්. බැංකුවයි ඔවුනුයි අතර තමයි ඒ ගනුදෙනුව සිද්ධ වුණේ.

ඇයි ඒවා ඡායාරූපයකටවත් ගත්තේ නැත්තේ?
අපි ඡායාරූප ගන්න එක අමතක කළා. අපි ඒ දේවල් පෙන්වමින් කීර්තිනාම හොයාගන්න අය නෙවෙයි. නාමල් පණ පිටින් ඉන්නවා. ඔහු ඒක එළියට ඇවිත් කියන්න ඕනේ. අපිට තිබුණා නාමල්ව හිගන්නෙක් බවට පත් කරමින් ඔහුගේ බිරිඳ එක්කන් ඇවිත් අඩවලා මුදල් දීලා කොහේ හරි පළ කරන්න. අපි හිගන්නෙකුටවත් එහෙම කරන්නෙ නෑ. ඔහු එළියට ඇවිත්, නෑ මට කවුරුත් උදව් කරේ නෑ කියලා කිව්වොත් ඒක ඔහුගේ කැමැත්ත. උදව් කරා කිව්වත් ඔහුගේ කැමැත්ත.

ඊට පස්සේ දෙවැනි අවධිය?
ඔව්. දෙවැනි අවධියේදී තමයි ක‍්‍රිශාන්ත මල්ලී මාධ්‍යට ගිහින් කියන්නේ ඔහුට අසාධ්‍යයි. ජීවත් වෙන්න විදිහක් නෑ කියලා. සැත්කම සඳහා ඔහුගේ ශරීරයේ කොටස් බලෙන් ලබාගත් බවත්, ගුවන්තොටුපළේ ඉඳන් මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන් ගමට ගියපු බවත් ඔහු එහිදී කියා තිබෙනවා. මේව හැම එකක්ම ජවනිකා. ඔහු නාමල් වෙනුවෙන් කරේ උත්තම කාර්යයක්. එහෙම උත්තම කාර්යයක් කරපු කෙනෙකුට මේ විදිහට සැලකුවා නම් ඇයි ඔහු වසර 3ක් යනකල් ඒ ගැන කතා කරේ නැත්තේ. ඔහු අදාළ මාධ්‍ය ආයතනයට යොමු කරේ කවුද කියන ප‍්‍රශ්නේ මට තිබෙනවා. මට මාධ්‍ය ආයතනය ගැන ප‍්‍රශ්නයක් නෑ. ඒත් මෙතැනට මෙයාව යොමු කෙරුවේ කවුද කියන එකයි ප‍්‍රශ්නේ.

ඔහු එහිදී කියපු කාරණයක් තමයි නාමල් සහ රුවන්ති ඔහුට මේ සැත්කමෙන් පස්සේ කතා කළේවත් නෑ කියන එක?
අපිට ඒ කතාවට උත්තර දෙන්න බෑ. මොකද අපි ඒක දැක්කෙ නෑනේ. ඒක ඇත්ත වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක ගැන මම කතා කරන්නේ නෑ. හැබැයි මේ කතාවෙදි ක‍්‍රිශාන්ත වැරදි කතාවක් කියනවා. ඒක ගැන මම හොඳටම දන්නවා. ඒකේ සාක්‍ෂිකාරයෙක් විදිහට මට උත්තර දෙන්න පුළුවන්.

මොකක්ද වැරදි කතාව?
ඒ කතාව තමයි එයා නොදැනුවත්ව එයාගෙ අක්මාවෙන් 60%ක් ගත්තා කියන කතාව. මේ සැත්කමට කලින් ඔහු ලිඛිතව සඳහන් කර තිබෙනවා ඔහුගේ අක්මාවෙන් 60%ක කොටසක් ලබාදෙන බව. ඒක එයාගේ පූජාවක්. ඒක කුණු කරගන්න හොඳ නෑ. සාධාරණ හේතු තියෙන්න පුළුවන්. කතා කරේ නෑ. කතා කළාම ෆෝන් එකට ආවෙ නෑ කියලා. ඇයි මෙහෙම බොරු කතා කියන්නේ. මිනිස්සු හිතන්නේ මෙයාව ඇදගෙන ගිහින් බලෙන් අක්මාවෙන් කොටසක් ගත්තා කියලා.

ඔය ලියුමේ තියෙන්නේ මොකක්ද?
ඒකෙ තමයි තියෙන්නේ 60%ක කොටසක් අක්මාවෙන් දෙනවා කියලා. ලක්‍ෂ 7ක මුදලකට. ඒ ලක්‍ෂ 7ත් එයා ත‍්‍රීවීල් එකක් ගන්න කියලා තමයි ඉල්ලුවේ. ඒක ප‍්‍රශ්නයක් නෙවෙයි. මිනිස්සු හැටියට හැමෝටම අමාරුකම් තියෙනවා. හැබැයි සැත්කම ආසන්නයේ ඔහු ඒ මුදල ලක්‍ෂ 20ක් දක්වා වැඩි කරලා තිබුණා. ඒකත් සාධාරණයි කියමුකෝ.

හරි. මේ කටයුත්තෙදි ප‍්‍රමුඛත්වය ගත්ත කෙනෙක් විදිහට ඔබ ඊට සම්බන්ධ වුණේ කොහොමද?
එතැනින් තමයි තුන්වෙනි අවධිය පටන්ගන්නේ. මම අදාළ මාධ්‍ය ආයතනයට කතා කරා. කතා කරල කිව්වා ක‍්‍රිශාන්තගේ අමාරුකම් වෙනුවෙන් මම මැදිහත් වෙන්නම්. එයාට අසනීප නම් ඒ වෙනුවෙන් මම කටයුතු කරන්නම් කියලා. ඒ අයගෙන්ම ක‍්‍රිශාන්තගෙ දුරකතන අංකය ඉල්ලුවා. එතැනදි එයාලා කියනවා ඇහුණා නම්බර් එක දුන්නොත් ක‍්‍රිශාන්තගෙ ජීවිත ආරක්‍ෂාවට හරි නෑ කියලා. තව කතාවක් කිව්වා. රංජන් ඇමතිතුමා ජොබ් එකක් හදලා දෙනවා කිව්වා කියලා.

මම කිව්වා ඒකත් හොඳ වැඩක් කියලා. ගහෙන් වැටුණ මිනිහට බේත් අරන් දෙනවා මිසක් දුවන්න කියන්නෙ නෑනේ. රංජන් මගේ පරණ මිත‍්‍රයා කරන වැඬේ හොඳයි. දේශපාලනිකව නෙවෙයි. එයා මොකක් හරි වැඩක් කරන්න හදන කෙනෙක්. රස්සාවක් ඕනේ. ඒත් ඊට කලින් මම ක‍්‍රිශාන්ත මල්ලිගෙන් අහන්න කැමතියි ඔයාගෙ කලින් රස්සාවට මොකද වුණේ කියලා. ඔබ ග‍්‍රාමසේවා නිලධාරි කෙනෙක් විදිහට හිටියේ. ඒ රස්සාව නැති වුණේ ඇයි? ඔබ ඒ වෙනුවට රැකියාවක් හොයාගෙන එන්නද නාමල්ගේ ජීවිතේ කුඩු කරලා දැම්මේ. රැකියාවක් නෑ කියලා ඒක ඉල්ලුව නම් හරිනෙ. රස්සාව ගන්න පාලමක් හැටියට තවත් මනුස්සයෙකුගේ ජීවිතේ කුඩු කරන්න ඕනෙ නෑනේ. දැන් වැඩේ පැහැදිලියි. මම මගේ සටන අත අරිනවා.

සටන අත ඇරලා?
මේකට පනිනවා රංජන් රාමනායක කියන කලා මිත‍්‍රයා. අපි ප‍්‍රින්ස්ට ලක්‍ෂ 26ක්, නාමල්ට ලක්‍ෂ 35ක් දෙනකොට අපිට වීඩියෝ කරන්න බැරි වුණා. ඒ අපි මිනිහගේ ගෞරවය රකින්න ඕනෙ නිසා. රංජන් රාමනායක සම්බන්ධ වීම හරියට නාට්‍ය ජවනිකාවක් වගේ. ගේ ඇතුළට දොර ඇරන් එන දර්ශනයක්. ඇමතිවරයා ඉන්නවා. ඉදිරියේ ක‍්‍රිශාන්ත දරුවන් එක්ක ඉඳගෙන ඉන්නවා. බිස්කට් ගේන්න. ඔයා කාලද? සල්ලි ඇදලා දෙනවා. මේ මොහොතේ ක‍්‍රිශාන්ත අසරණයි. මම එයාට වරදක් කියන්නේ නෑ. ඒත් රංජන් රාමනායකට තිබුණා මේ කිසිදෙයක් වීඩියෝ කරන්නේ නැතිව කරන්න. උදව්වක් කරනව නම් ඒක ප‍්‍රදර්ශනය නොකර කරන්න. ඇයි එහෙම බැරි. විජය කුමාරතුංග මහත්තයාගේ දර්ශනය නෙවෙයි ඔය. මේක කරන්නේ දේශපාලන වාසි ගන්න. මගේ හීනයක් තිබුණා නාමලුයි ක‍්‍රිශාන්තයි දෙන්නා එකතැනකට ගෙනත් මේ ප‍්‍රශ්නේ දෙන්නගෙන්ම විසඳලා දාන්න. නමුත් ඊට කලින් රංජන් මැද්දට පැන්නා.

දේශපාලන වාසි ගන්න කිව්වේ?
රංජන්ට ඕනේ මේකෙන් දේශපාලන වාසි ගන්න. ඒ නිසයි ඔය හැමදේම වීඩියෝ කරගෙන පෙන්වන්නේ. අනිත් පැත්තෙන් රුවන්ති මේ වෙලාවේ දේශපාලනයට සම්බන්ධයි. ඒකට පහර ගහන්න තමයි රංජන් ඔය දේවල් කරනවා ඇත්තේ. මට රංජන්ව නැති කරන්න ඕනෙ නෑ. එයාගෙ මතයයි නැති කරන්න ඕනේ. එතකොට අර මාධ්‍ය ආයතනයට ක‍්‍රිශාන්තව යවලා තියෙන්නේ කවුද කියන දේ දැන් පැහැදිලියිනේ.

හැබැයි ක‍්‍රිශාන්ත කිව්වේ එයාගේ අසනීප තත්ත්වය ගැනනේ?
අපි ඒකට පියවරක් ගන්න සූදානමින් හිටියේ මාධ්‍යයෙන් ඕක දැක්කට පස්සේ. අපි ඒ ගැන වෛද්‍යවරයෙකුගෙන් ඇහුවා. එයා කිව්වේ මේකට සැත්කමක් නෙවෙයි ප‍්‍රතිකාරයක් පමණයි තියෙන්නේ, ඒකට ලක්‍ෂ 100ක් කොහොමත් යන්නෙ නෑ කියලා. සමහර විට එයා අර සැත්කමෙන් පස්සේ දුන්න බෙහෙත් හරියට බොන්න නැතිව ඇති. අපි වුණත් ඔය බෙහෙත් හැමදාම බොන්නෙ නෑනේ. මම නාමල්ගෙන් අහපු වෙලාවේ එයා කිව්වේ ප‍්‍රතිකාරවලට ක‍්‍රිශාන්තට කතා කරාට එයා ආවේ නෑ කියලා. මෙයා කියන විදිහට ඇග ඇතුළ පරීක්‍ෂා කරලා බලලා තමයි ප‍්‍රතිකාර කරන්න ඕනේ. කොහොම වුණත් ඒකට අවශ්‍ය දේවල් අපි කතා කරලා තිබුණේ. ඒ නිසා තමයි මම අර මාධ්‍ය ආයතනයට කතා කරලා ඇහුවේ. ඒත් ඉතින් දැන් අසනීපෙන් ඉන්න මනුස්සයට රස්සාවක් දෙන්න පොරොන්දු වෙලානේ.

සැත්කමෙන් පස්සේ ක‍්‍රිශාන්ත ගැන හොයලා බැලුවේ නැද්ද?
ඇත්තටම මට ඒක කරන්න බැරි වුණා. සමහර වෙලාවට නාමල්ගේ පැත්තේන් අසනීප ගැන කතා කරනවා. එහෙම මිසක් මට ක‍්‍රිශාන්ත මල්ලි ගැන හොයන්න බැරි වුණා. බොරු කියන්න ඕනෙ නෑනේ. නමුත් ක‍්‍රිශාන්ත මල්ලි නාමල්ට අක්මාවෙන් කොටසක් දීලා කළේ ලොකු දෙයක්. ඒක පිළිගත යුතුයි.

අවසාන වශයෙන් මේ සිද්ධියෙ සාරංශයක් ගත්තොත්?
ඔය සිද්ධියට සම්බන්ධ වර්තමාන පාර්ශ්ව තුනෙන් 2ක් මම පෞද්ගලිකව අඳුරනවා. එ් නාමල්, රංජන් කියන පාර්ශ්ව දෙක. ක‍්‍රිශාන්ත මල්ලිව මම පෞද්ගලිකව දන්නේ නෑ. නමුත් නාමල් වෙනුවෙන් කරපු දේ හොඳටම ප‍්‍රමාණවත්. මට දැන් කතා කරන්න ඕනේ රංජන් රාමනායකට. මම රංජන්ට ආදරෙයි. හොඳ මනුස්සයෙක්. ඒත් හැම වෙලාවෙම කවුරු හරි කියන දෙයක් හරි, එයාට හිතෙන දෙයක් හරි දෙපාරක් හිතන්නේ නැතිව කරන එකෙන් එයාවම ලැජ්ජාවට පත් වෙනවා. කලාකරුවෝ දේශපාලනයට ආවට කිසි වැඩක් කරන්නෙ නෑ. ඒ නිසා ඒකට මම විරුද්ධයි. හැබැයි රංජන් එනවට මම විරුද්ධ නෑ. මොකද එයා මොකක් හරි කරන්න උත්සාහ ගන්නවා. එහෙම රංජන්ට මම කියන්නේ ‘අහෝ රංජන් නොදිටි මොක්පුර’ කියලා. ඔය කැමරා ඕෆ් කරගෙන ඔය ටික කරා නම් අපිත් අත උස්සනවා. දැන් ඉතින් හෙට නාමල්ට මොනවා හරි වුණොත් ඒකට රංජන් රාමනායක වගකියන්න ඕනේ.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!