පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස අද (28) දිනයේ ඩුබායි අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.
පසුගිය 05 වනදා පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සහ තවත් පාතාල නායකයින් කිහිප දෙනෙකු සමග මොවුන් අත්අඩංගුවට ගත්තේ ඩුබායිහි තරු පංතියේ හෝටලයක පැවති සාදයකදීයි.
මාසයකට ආසන්න කාලයක් මෙම පිරිස සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අතර, ඔවුන්ට, මත්ද්‍රව්‍ය ශරීරගතව ඇත්ද යන්න පිළිබඳව රුධිර සාම්පල පරීක්ෂණයක්ද සිදුකළා.
එම පරීක්ෂණය මගින් නව පරපුරේ ගායක නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය ගෙන නොමැති බව රුධිර පරීක්ෂාවේදී හෙළි වී තිබුණා.
කෙසේවෙතත් අද මොවුන්ට එරට අධිකරණයෙන් දෙන තීන්දුවක් කුමක්ද යන්න බොහෝ දෙනෙක් විමසිල්ලෙන් බලා සිටිනවා.