ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීම සඳහා හතුරුසිංහ විසින් නව වැඩපිළිවෙලක් අරඹා තිබෙනවා.
ඒ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම ඉහළ දැමීම සඳහායි.
මේ සඳහා ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි මානසික වර්ධන පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය ෆිල් ජෝන්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ වැඩසටහනක් පැවැත්වුණා.
ඕනෑම ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වීම සඳහා මානසික මට්ටම ඉහළින් රඳවා ගතයුතු බවයි පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසන්නේ.
