කැබිලිත්ත දේවාලය වන්දනාවේ ගිය පුද්ගලයන් 09 දෙනෙකු අතුරුදන්ව ඇති බවට 119 අංකයට ඊයේ අලුයම දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.
ඒ අනුව එම පිරිස සොයා ඇතිමලේ පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
27 වැනිදා මෙම පිරිස කැබිලිත්තට යෑමට පැමිණ ඇති නමුත් කැබිලිත්ත මාර්ගයේ හමුවන ආරක්ෂක මුරපළ පසුකර ගොස් නැති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙම පිරිසට සිදුවූ දෙය කුමක්ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.
මොණරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ නියෝග හා උපදෙස් මත ඇතිමලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.