අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සදහා වෙඩි නොවදින රථ දෙකක් ඇණවුම් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරී යන ප්‍රචාරයන් සියල්ල අසත්‍ය බව අගමැති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මේ මොහොත වනවිට අලුත් වාහන ඇනවුම් කර නොමැති බවයි එම නිවේදනයේ දැක්වුණේ.