සිතුවිලිවලට සීමාවක් දෙන්න අපි කාටවත් බැහැ.
සමහර වෙලාවට ඒ සිතුවිලි වචන වෙලා හදවත්වලට කතා කරන්න තරම් ප්‍රභලයි.
මේ ඒ විදිහට හරි අපූරුවට ප්‍රේමය ගැන ලියැවුණු අපූරු සටහනක්.
කෝවලන් වැරදි කළා ,
කන්නගී සමාව දුන්නා…
රාම සැක කළා ,
සීතා ගිනි ගොඩට පැන්නා..
දස්කොන් මියැදුණා ,
ප්‍රමිලා සිය දිවි නසාගත්තා…
විජය හැරගියා ,
කුවේණිය තනිවුණා…
අවසානෙදි..
කෝවලන් මියැදුණා ,
කන්නගී දේවත්වය ලැබුවා…
සීතා රාම හැර මව් තුරුලට ගියා,
රාම පසුතැවෙමින් තනිවුණා….
දස්කොන් මියැදුණා මෙන්ම,
ප්රමිලත් මියැදුණා…..
විජය නමින් කළ ශාප ,
දෙදෙනාම වියැකුණා….
කළ වැරදි සියල්ලෝම ,
යම් දිනෙක ගෙන යාවි…
නිවැරදි ජීවිතය ,
සැමදාම සුරැකේවි…
කුවේණිය මෙන් සාප නොකරමි ,
ප්‍රමිලාව මෙන් ද්‍රෝහි නොවන්නෙමි ,
සීතාව මෙන් නුඹ නමින්ම ඉන්නෙමි,
කන්නගිය මෙන් සමාව දෙන්නෙමි ,
දේවත්වය පතා නොව නුඹවම පතා….
නමුත් නොදනිමි…
කෝවලන් මෙන් ,
පසුව වැරදි නොකළත් ,
නිවැරදි වුවත් එදිනට ,
හැකිවේද කියා ,
දිට්ඨ දම්ම වේදනයෙන් ,
ගැලවෙන්නට….
වැරදි නුඹ උවත් ,
ඒ මා උවත් ,
වැරදි කළවුන් ,
කළ කම් ගෙනයාවි…..
නොකරමි කුවේණිය මෙන් ශාප කිසිදිනෙක,
උහුලමි කන්නගිය මෙන් ප්‍රේම දුක් ගින්න ,
හැර නොයමි ප්‍රමිලාව මෙන් මගේ ජීවිතය ,
පෙන්වමි සීතාව මෙන් මගේ පති බලය ….
නොදන්නෙමි අවසානෙ කුමක් නම් වේවිදැයි ,
දන්නෙමි නමුත් මම ශක්තිමත් මා හුඟක් ,
කියන්නෙමි මා නුඹට දිනෙක දැනේවි තනිය,
එවිට නොහැකිය දරන්නට මා මෙන් නම් නුඹට…
වනු එපා කිසි දිනේ දුකක් නම් ඔය සිතට,
හැරයන්න අවසරයි නුඹ නමට බැඳි හීන,
සමුගනිමි මම නුඹෙන් සතුටින් සිටිනු මැන,
කන්නගිය නොවෙමි මා මින් එහා දරන්නට…..
– ඉරේෂා පතිරණ –
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)