ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග්ට හා ට්විටර් ප්‍රධානී ජැක් ඩෝර්සිට අයි.එස්. සාමාජිකයන් අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන බව වාර්තාවෙයි.
ඔවුන්ගේ අවසානය සටහන් කරන බවට එහි සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
වීඩියෝවක් මගින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව වාර්තාවෙයි.
තම සංවිධානයට ආධුනිකයන් බඳවා ගන්නා අයගේ මෙන්ම උදව්කරුවන්ගේ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් අත්හිටුවීමට සකර්බර්ග් හා ජැක් කටයුතු කරමින් සිටින නිසා මෙම නිවේදනය මගින් අනතුරු අඟවා තිබෙනවා.