ලොවපුරා සිටින ලස්සනම ලස්සන තරුණියන් තෝරා තෑගි පිට තෑගි ලබාදෙන තරඟ ගණනාවක් ක්‍රියාත්මක වෙද්දී ලෝකයේ සිටින කැතම කැත පුද්ගලයා තේරීමේ තරඟයක් ගැන නිකමටවත් අහලා හෝ හිතලා තිබුණදා?. මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්. මේ කතාව ලෝකයේම සිටින කැත පුද්ගලයා තේරීමේ තරඟය නෙවෙයි. සිම්බාබ්වේ වෙසෙන කැතම කැත පුද්ගලයා තේරීමේ තරඟය ගැනයි.
සිම්බාබ්වේ මේ තරඟය මෙවර පවත්වලා තියෙන්නේ සිව්වැනි වතාවටලු. මෙවර ජයග්‍රාහකයා වෙලා තියෙන්නේ 42 හැවිරිදි රැකියා විරහිතයෙකු වන මේසන් සෙරේ නැමැත්තා. මොහුගේ මුඛයේ ඉදිරිපස දත් කිහිපයක් නැති අතර දත් නැති නිසාම හිනාවෙන කුට මුහුණේ ඇත්තේ ලස්සනක්ද කැතක්ද කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්.
මෙයා තරඟයෙන් ජයග්‍රහණය කළ නිසා ඩොලර් 500ක ත්‍යාගයක් ලැබිලා. වැඩේ තියෙන්නේ මෙම තරඟ ඉසව්ව මීට පෙර තුන්වතාවක් දිනපු විලියම් මස්විනු නැමැත්තා මෙවර දෙවැනියා වීමයි.
ඔහු තරඟයෙන් දෙවැනි වීම නිසා ඩොලර් 100ක ත්‍යාගයක් ලැබී ඇති අතර ජයග්‍රාහකයා තේරීමේදී විනිසුරු අපක්ෂපාතීව කටයුතු නොකළ බව කියමින් ඔහු විනිසුරුට අප්‍රසාදය පළ කර ඇතැයි ද වාර්තා වනවා.
මෙම තරඟය සඳහා තරඟකරුවන් 5 දෙනෙකු සහභාගි වී ඇතැයි ද පැවසෙනවා.
