හොලිවුඩ්

එල්.ටී.ටී.ඊට මුදල් දුන්නැයි කැනඩාවේ කෝවිලකට චෝදනා

canada

 

එල්.ටී.ටී.ඊ සංවිධානයට මූල්‍යාධාර ලබාදුන් බවට කැනඩාවේ පිහිටි කන්දසාමි නැමැති කෝවිලේ පාලනාධිකාරියට චෝදනා එල්ල වී තිබෙනවා.

කැනඩාවේ ටොරොන්ටෝ හි පිහිටි එම කන්දසාමි කෝවිලට දෙස් විදෙස් බොහෝ පිරිසක් පැමිණෙන බවත්, එසේ පැමිණෙන පුද්ගලයින් ආධාර වශයෙන් ලබා‍දෙන මුදල් එල්.ටී.ටී.ඊ සංවිධානයට ලබාදුන් බවට මෙලෙස චෝදනා එල්ල වී ඇත.

මෙලෙස චෝදනා කර ඇත්තේ Canada Border Services Agency (CBSA) නැමැති එරට ආයතනයක් විසිනි.

කන්දසාමි කෝවිලේ පාලනාධිකාරිය එල්.ටී.ටී.ඊයට මූල්‍යාධාර ලබාදුන් බවට (CBSA)  ආයතනය විසින් කැනඩා ෆෙඩරල් අධිකරණයකට වාර්තාවක්ද ඉදිරිපත් කර ඇත.

මෙම කෝවිල පවත්වාගෙන ගොස් ඇත්තේ World Tamil Movement නැමැති සංවිධානයක් විසින් බව පැවසෙන අතර එම සංවිධානය තහනම් ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවද පැවසෙයි.

කෙසේ වෙතත් මෙම කෝවිලට එරෙහිව Canada Border Services Agency (CBSA) ආයතනය එල්ල කරන චෝදනා අසත්‍ය බව කැනඩාවේ ස්කාබොරො හි ස්වේච්ඡා කෝවිල් පාලකවරයෙකු  බව කියන තනබාලසිංහම් කනගසබාපති නැමැත්තා පවසා තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ කෝවිල යනු පොදු ස්ථානයක් බැවින් World Tamil Movement හි පිරිස් ඇතැම් විට මෙම කෝවිලට පැමිණෙන්නට ඇති බවයි.

එසේ පැමිණෙද්දී කෝවිලට නොපැමිණෙන ලෙස දැනුම්දිය නොහැකි බවද හෙතෙම සඳහන් කර ඇත.

කෙසේ හෝ මෙම කන්දසාමි කෝවිලේ පූජකවරයාට එරෙහිව තවත් චෝදනා කිහිපයක් නිසා නඩු පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම කෝවිල මාර්ගයෙන් එල්.ටී.ටී,ඊ සංවිධානයේ කටයුතුවලට  ප්‍රචාරක සහය ලබාදුන් බවට ද චෝදනා එල්ල වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!