සඳ වටා සංචාරය කිරීම සඳහා “ජීවන සහකාරියක” සොයමින් සිටින ප්‍රකෝටිපතියෙකු පිළිබඳව ජපානයෙන් වාර්තා වෙනවා.
මෝස්තර නිර්මාණ ක්ෂේත්රයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ජපන් ජාතික යූසකු මයෙසාවා (Yusaku Maezawa), සඳ වටා කෙරෙන සංචාරයකට එක් වීමට නියමිතය. ඔහු 44 හැවිදිරිය.
Space X නමැති මෙම ව්‍යාපෘතිය යටතේ Starship රොකට් යානය මගින් ‘සඳ සංචාරයට’ එක්වන පළමු පෞද්ගලික මගියා මොහු ය.
මෙම ‘සඳ සංචාරය’ සිදු කිරීමට නියමිතව ඇත්තේ 2023 වසරේදී ය. 1972 වසරෙන් පසු සඳ වෙත යන පළමු මිනිසා ලෙස මෙම ධන කුවේරයාගේ නම ලියැවෙනු ඇත.
අන්තර්ජාලය ඔස්සේ ඉල්ලීමක් කරමින් යූසකු මයෙසාවා කියා සිටින්නේ මෙම අත්දැකීම “විශේෂ” කාන්තාවක් සමඟ බෙදා ගැනීමට තමන්ට අවශ්‍ය බවය.
