දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනා බන්ධනාගාරයෙන් ආහාර නොගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ සිට දිනකට වේල් තුනටම ආහාර නිවෙස්වලින් ගෙන්වා ගැනීමට අවසර ඉල්ලා තිබුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කියා සිටියා.
මුල් දිනයේදී මොවුන් බන්ධනාගාර ආහාර ලබා ගැනීමට කැමැත්ත පළ කළ බවත්, පසුව එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු හා පිටින් ආහාර ගෙන්වා ගැනීමට ඉල්ලීම් කිරීමෙන් පසු ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටින ලදී.
