ලොව පුරා කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 52 000කට අධික බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇමරිකාවේ සීග්‍රයෙන් වසංගතය ව්‍යාප්ත වන අතර ඉතාලියේ හා ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව ඉහල ගොස් තිබේ.
වැඩිම මරණ සංඛ්‍යාව සිදුව ඇත්තෙත් ඉතාලියේ වන අතර එය 13 915ක් දක්වා ඉහල ගොස් ඇත.මෙතෙක් වාර්තා වූ ලොව වැඩිම රෝගීන් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වන අතර එය 244 646කි.
වයිරසයෙන් දැඩි ලෙස පීඩාවට පත් ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 10 348කි.
එහි පසුගියදා වාර්තාගත ලෙස එක් දිනකට මරණ 950ක් සටහන් විය.
කෙසේවුවද ස්පාඤ්ඤයේ දෛනික මරණ හා ආසාදන වාර්තා වීම මන්දගාමී වී ඇතැයි පැවසේ.
ලොවපුරා සිදුවූ මරණ වලින් සියයට 28ක් ඉතාලියෙන් වාර්තා වන අතර මේ වනවිට එරට මරණ සංඛ්‍යාව 13 915ක් දක්වා ඉහල ගොස් තිබේ.
කෙසේවුවද ඉතාලියේ වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණයට වඩා සත්‍ය රෝගීන් සංඛ්‍යාව බෙහෙවින් වැඩි බව එරට වෛද්‍යවරු කිහිපදෙනකු පෙන්වා දී ඇත.
