එල්.ටී.ටී.ඊය සමග පැවැති යුද්ධය කාලයේදීත් ඉන් පසුවත් ශ්‍රී ලංකාව තුළ යම් යම් අවස්ථාවල වැඩි වශයෙන් කතාවට ලක්වූ මාතෘකාවක් වුණේ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි කොටසක් කාන්තාවන් බවට පත්වෙලා කියන එක. ඒ ගැන ඒ අවස්ථාවේ විවිධකාරයෙන් කතා මතුව ආවා. කොහොම නමුත් මෙරට ජනගහණයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් 1,817,000 කින් වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළි වෙලා.
මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ඒ පිළිබඳව අධ්‍යනය කෙරූ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය කියනවා.
මෙරට ජනගහනයෙන් සියයට 46ක් එනම් 10,445,000ක් පිරිමි.
ඉතිරි සියයට 54 එනම් 12,262,000ක් කාන්තාවන්. මේ අනුව සෑම කාන්තාවන් සත් දෙනකුගෙන් එක් අයකුට පිරිමියෙක් නැති බවද සමීක්ෂණය මගින් තහවුරු වෙලා තියෙනවා.
පිරිමි අඩුවී ස්ත්‍රී ගහනය සියයට 8 කින් ඉහළ යෑම නිසා විවාහ වීම, රැකියා ලබා ගැනීම, පවුල් ආරවුල්, මානසික ආබාධ ඇතුළු ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙලා කියලත් සොයාගෙන තිබෙනවා.
සමීක්ෂණයට අනූව කාන්තා ජනගහණය වැඩිවීමට හේතුන් කිහිපයක් අනාවරණය කර තියෙනවා.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම,
පුරුෂයින් මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි, ආහාර අවභාවිතය,
හෘදයාබාධ, දියවැඩියාව වැනි බෝ නොවන රෝග හේතුවෙන් පුරුෂයන්ගේ ආයු කාලය අඩුවීම,
එවැනි තත්ත්වයන්ට මුහුණදීමට කාන්තාවන්ට ඇති ඉඩ ප්‍රස්තාව අඩුවීම,
පුරුෂයන් ඉක්මවා ඔවුන්ගේ ආයු කාලය වැඩිවීම,
ඉහත හේතූන් මත ශ්‍රී ලංකාවේ පුරුෂ ජනගහණයට වඩා ස්ත්‍රී ජනගහණය සැලකිය යුතු ලෙස තවදුරටත් වර්ධනය වෙමින් තිබෙන බවක්ද මෙමගින් තහවුරු වී තිබෙනවා.