බටහිර ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඩේව් කැමරන් සිය ක්රිකට් කණ්ඩායමෙන් සමාව ඉල්ලමින් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා.
ඔහු පවසන්නේ කෙදෙව් ක්රිකට් කණ්ඩායමට සිදුවූ අසාධාරණකම් පිළිබඳව සොයා බැලීමට වහා පරීක්ෂණයක් සිදුකරන බවයි.
පන්දුවාර 20-20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයෙන් අනතුරුව කොදෙව් නායක ඩැරන් සමී බටහිර ඉන්දීය ක්රිකට් පරිපාලනය විවේචනය කරමින් සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ඔහු සඳහන් කර තිබෙනවා.
“ක්රිකට්, බටහිර ඉන්දිය කොදෙව්වන්ගේ උරුමයක්. අනාගතය වෙනුවෙන් අපි එම උරුමය ආරක්ෂා කළ යුතුයි” ඩේව් කැමරන් සිය නිවේදනයෙන් පවසනවා.
