මංගල දිනය කියන්නේ ජීවිතේ වැදගත්ම මොහොතක්.
ඒත් ඒ දවසෙදි ජීවිතේ දාලා ගිය මනාළියක් ගැන බ්‍රසීලයෙන් අහන්න ලැබුණා.
මනාලිය විසින් මනාලයාව පුදුම කරන්න් හිතාගෙන හොරෙන්ම ගුවන් සවාරියක් සූදානම් කරලා.
මනාලයා නැතිව මනාලිය අවසානයේ ගුවන් සවාරියේ යෙදිලා තිබුණේ ඡායාරූප ශිල්පිනියක්ද එකතු කරගෙන.
සතුට දුකක් කරමින් ඔවුන් ගමන් ගත් ගුවන් යානය අනතුරට පත්වෙලා.
හිතුවෙවත් නැති විදිහට සිද්ධවුණු මේ අනතුරින් යානයේ ගමන් කළ මනාලිය ඇතුළු සිව් දෙනෙකු මියගිහින් කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ වගේම මේ ගමනට එකතු වෙලා තිබුණු ඡායාරූප ශිල්පිනිය ගැබිණි කාන්තාවක් බවත් සඳහන්.
අයහපත් කාලගුණය නිසා මෙම අනතුර සිදුවුණා කියලයි පොලිසිය සැකපල කරන්නේ.
මංගල අවස්ථාවට 300 කපමණ පිරිසක් එක්ව ඇති බවත් මනාලයා එම අවස්ථාවේදී පල්ලියේ සිට තිබෙන බවත් අනතුර ගැන පල්ලියේ පූජකවරයා විසින් දැනුවත් කර ඇති බවත් බවත් සඳහන් වනවා.
