මේ සමාජයේ මිනිස්සු අතර විවිධ විශ්වාස ඇදහිලි තියෙනවා.
ඒවා රටින් රටට ප්රදේශවලින් ප්රදේශවලට වෙනස් වෙනවා.
ඒ විදිහට සිද්ධ වෙච්ච වෙනස්ම කතාවක් ගැන අපි විදෙස් රටකින් අහන්න ලැබුණා.
ඒ විවාහයක් ගැනයි.
මෙක්සිකෝවේ සැන් පේද්රෝ හුමෙල්ලා ප්රදේශයේ නගරාධිපති වික්ටර් ඇගිලර් සිය බිරිඳ ලෙස කිඹුලියක් විවාහ කරගෙන තිබෙනවා.
මෙම විවාහ උත්සවය පසුගිය සිකුරාදා පැවැත්වුණා.
සුදු පාට ඇදුමකින් සැරසිලා සිටි කිඹුලියව බව්තීස්ම කර නගරාධිපතිවරයාට බාරදීම සිදුකරලා.
මෙම නගරාධිපතිවරයා සෑම වසරකම කිඹුලියක් විවාහ කරගන්නා චාරිත්රය සිදුකරන බවයි වාර්තා වන්නේ.
මෙම නිසා දේශීය ධීවරයන්ට වාසනාව ගෙන එන බවයි ඔහුගේ විශ්වාසය.