හොලිවුඩ්

රටපුරා ගිනි පෙට්ටි හිඟයක්

10
රටපුරා බොහෝ වෙළඳසැල්වල ගිනි පෙට්ටි  හිඟයක් ඇතැයි පාරිභෝගිකයින් මැසිවිලි නගනවා. ඔවුන් පවසන්නේ වෙළඳසැල්වලින් ගිනි පෙට්ටි මිලදී ගැනීමට ගිය විට ගිනි පෙට්ටි නැතැයි වෙළඳසැල් හිමියන් කියන බවයි.

වෙඩි බෙහෙත් හිඟයක් නිසා ගිනි පෙට්ටි නිෂ්පාදනය නොකරන බව ඒවා බෙදා හරින්නන් විසින් පවසා ඇතැයි ද වෙළඳසැල් හිමියන් කියන බව පාරිභෝගිකයින් පවසනවා.

මේ ගැන සොයා බැලීමේදී හෙළි වූයේ ගිනි පෙට්ටි නිෂ්පාදනයට යොදාගන්නා වෙඩි බෙහෙත් හිඟවීම නිසා කර්මාන්ත ශාලා වල කටයුතු කරගෙන යාමට නොහැකි  තත්ත්වයක් උදාවී ඇති බවයි.

පසුගිය සති කිහිපයේදී මේ නිසා ගිනි පෙට්ටි නිෂ්පාදනයක් සිදුව නැති අතර ‍වෙඩි බෙහෙත් ගෙන්වීමේ ටෙන්ඩරයක් සිදුව ඇතැයි කියන ප්‍රමාද දෝෂයක් මෙයට හේතු වී ඇතැයිද වාර්තා වනවා.

එසේම වෙඩි බෙහෙත් හිඟයක් මතුවූ අවස්ථාවල ඉන්දියාවෙන් වෙඩි බෙහෙත් ගෙන්වීම සිදුකරන නමුත් පසුගිය දිනවල ඉන්දියාවට බලපෑ අයහපත් කාලගුණය ද හරස් වීම නිසා වෙඩි බෙහෙත් ආනයනය කිරීම ප්‍රමාද වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට චීනයෙන් වෙඩි බෙහෙත් ගෙන්වා නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!