හොලිවුඩ්

වැලන්ටයින් දවසේ ලංකාවේ 21ට අඩු කෙල්ලෝ 9400ක් අඬනවා- හේතුව මෙන්න

wellan

ආදරවන්තයන්ගේ දිනයේදී  ශ‍්‍රී ලංකාවේ අවුරුදු 21කට අඩු තරුණියන් 9,400කට ආසන්න සංඛ්‍යාවකගේ කන්‍යාභාවය කෙලෙසෙන බවට සමීක්ෂණයකින් හෙළිවේ.

 

මේ බව හෙළිවන්නේ   ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකිනි. ආදරවන්තයන්ගේ දිනයේ වෙළෙඳපොළේ සිදුවන ක‍්‍රියාවලින් ඊට අමතරව ආදරවන්තයන්ගේ දිනයෙන් පසුව ගබ්සා මධ්‍යස්ථාන හා තවත් වෛද්‍ය ආයතන රැුසකින් තොරතුරු ලබාගෙන කරන ලද සමීක්ෂණවලින් මේ කරුණු අනාවරණය වන බව එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ වෛද්‍ය අසංක විජෙරත්න මහතා  පැවැසීය.
ආදරවන්තයන්ගේ දිනය වශයෙන් සැලකෙන පෙබරවාරි 14 වැනිදා ෆාමසිවලින් උපත් පාලනයට අදාළ බෙහෙත් වර්ග

සහ උපත් පාලන කොපු අලෙවිය දෙගුණකින් ඉක්ම ගොස් තිබෙන බවත් පෙබරවාරි 15, 16 සහ 17 යන දිනවල කොළඹ, කළුතර, ගම්පහ, මීගමුව, මහනුවර හා මාතලේ යන ප‍්‍රදේශවල පිහිටි ගබ්සා මධ්‍යස්ථානවලින් ලද තොරතුරුවලින් තරුණියන් රැුසක් ගබ්සා සිදුකර ගැනීමට පැමිණෙන බවත් වෛද්‍ය අසංක විෙ–රත්න මහතා සඳහන් කරයි.

ආදරවන්තයන්ගේ දිනයේදී ලබාදිය යුතු හොඳම ත්‍යාගය මේ ප‍්‍රථම ලිංගික එක්වීම බවට මතයක් ප‍්‍රබලව තරුණ පරම්පරාව අතර ෆෙස්බුක් ඇතුළු අන්තර්ජාලය මÛින් ප‍්‍රචාරය වන බවත් මේ තත්ත්වයට පාසල් දැරියන් ඇතුළු තරුණියන් රැුසක් රැුවටෙන බවත් මේ ගැන මවුපියන්, භාරකරුවන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් වෛද්‍ය අසංක විෙ–රත්න මහතා පවසයි. පෙම්වතුන්ගේ දිනයෙන් පසු දින දෙක තුන විශේෂයෙන්ම තරුණියන්ගේ සියදිවි නසාගැනීම් දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත් ලබාදෙන ත්‍යාගවල විවිධ තක්සේරු, ආදරය ගැන යම් යම් අවිශ්වාස හේතුවෙන් මේ සියදිවි නසාගැනීම් සිදුවන බවත් වෛද්‍ය අසංක විෙ–රත්න මහතා පෙන්වා දෙයි.

මීට අමතරව රෝස මල් හා චොක්ලට් වෙන දිනවලට වඩා පෙබරවාරි 14 වැනිදා හයසිය ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත් ශ‍්‍රී ලංකාවේ රුපියල් 4,500ට වඩා අඩු මුදලට තිබෙන කාමර තරුණ ජෝඩු වෙනුවෙන් පමණක් එදිනට 80%කට වඩා වෙන්වන බවත් මේ සමීක්ෂණ වාර්තාවලින් තවදුරටත් හෙළිවන බවද වෛද්‍ය අසංක විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.මවුබිම ඇසුරෙනි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!