Gossip

“අත්වැසුම් නැතුව තවමත් මට මගේ පුතාව අල්ලන්න බැහැ..අපි ඉක්මනින්ම මෙතනින් එළියට යනවා.” අලුත උපන් බිළිඳාගෙන් දින 10 ක් මව් සෙනෙහස දුරස් කර තැබූ කොරෝනා වෛරසය – Photos

ඇමරිකාව වගේම ස්පාඤ්ඤයත් කොරෝනා ආසාදිතයන්ගේ ගණනින් ඉදිරියෙන්ම සිටිනවා.
ඉතාලියට පසුව වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේද ස්පාඤ්ඤයෙන්.
හිත්පිත් නැති මේ වෛරසය ආසාදනය වුණු නිසා සිය අලුත උපන් දරුවාගෙන් දින 10 ක් වෙන්ව සිටි මවකගේ පුවතක් ගැන විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණා.
Vanesa Muro නම් වුණු 34 හැවිරිදි වියේ පසුවුන මේ මව සිය සංවේදී කතාව ලොවට පැවසුවේ තම දරුවාගෙන් වෙන්වීම ඇය මෙතෙක් කර ඇති අමාරුම සහ අසීරුම දේ බවයි.
කොහොම වුණත් වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබුණේ සිය දරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.
රාත්තල් 7.9 ක බරකින් මෙලොව උපත ලැබූ මෙම දරුවා උපන් අවස්ථාවේ සිටම සිය මවගෙන් වෙන්ව තැබීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණා.
මව හිතේ තිබුණු හැගීම මේ විදිහට මාධ්‍ය හමුවේ වචනය කර තිබුණා.

ඒක මට අදහගන්න බැරිවුණා.. ඒ දවස හරියට මගේ දරුවා ඉපදුනු දවස වගේ. මම තවමත් මගේ අත්වැසුම් නැතුව මගේ පුතා ස්පර්ශ කරලා නැහැ. ඒත් මම ආසයි එහෙම එයාව අල්ලන්න.. ඒත් ඉක්මනින්ම අපි මෙහෙන් පිටව යනවා.. මේ සියල්ලම ඉන්පසු බියකුරු සිහිනයක් පමණක් වේවි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!