ප්‍රියන්ත සෙනවිරත්න කියන්නේ මේ දිනවල ලංකාව තුළ ජනප්‍රිය චරිතයක්නේ. කොහොම වුණත් ප්‍රියන්ත සෙනවිරත්න මේ දිනවල ටිකක් කාර්යබහුලයි.
ඒ තමයි දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක වැඩ කටයුතු සිදුකරමින් පැවතීම. ” අංකල් සෑම්” ඒ ටෙලි නාට්‍ය යේ නම.
ආදරය , කුතුහලය, විනෝදය, කැටිකරගත් හාස්‍ය ත්පාදන ප්‍රහසන කතා පුවතක් හැටියටයි මේ ටෙලි නාට්‍යය ගලාගෙන යන්නේ.
ඒ වගේම මේ ටෙලි නාට්‍යයට ආනන්ද වික්‍රමගේ ඒ වගේම හේමන්ත ඊරියගම යන රංගන ශිල්පීන්ද ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් දායක වන බවයි ඒ ටෙලි නාට්‍යයේ අධ්යක්ෂ චනික පෙරේරා මහතා අපත් සමඟ කිව්වේ.
ඒ වගේම ” අංකල් සෑම් ” ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ලලිත් වසන්ත මහතායි.
එළඹෙන 11 වන සදුදා දින සිට රාත්‍රී 7.30 ට ඔන්න දෙරණ නාලිකාව බැලුවොත් මේ දිනවල විකාශය වන ඒකාකාරී ටෙලි නාට්‍යය සම්ප්‍රදායෙන් මිදිලා නව තාලයේ ටෙලි නාට්‍යයක් නැරඹීමට දෙරණ ප්‍රේක්ෂක ඔබට වාසනාව තියෙයි.
ඒ වගේම දෙරණ නාලිකාව ඔස්සේ තවත් නවතම ටෙලි නාට්‍යයක් විකාශය වීමට නියමිතව තිබෙනවා. ඒ ටෙලි නාට්‍යයේ නම තමයි “ඇසිඩ්”.
“ඇසිඩ්” ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වෙන්නේ දුලීකා මාරපන, රොෂාන් පිළිපිටිය, ජනක කුඹුකගේ, එරංග ජීවන්ත යන අයයි.
දන්නවනේ ඉතින් දුලිකා මාරපන ඉන්න ටෙලි නාට්‍යයක් නොබැලුවොතින් වැඩක් නැහැනේ.
කොහොම වුණත් මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ලෙස වැඩ කරන්නේ චාමර ජනරාජ පීරිස්, නිෂ්පාදකවරයා තමයි ජානක සිරිවර්ධන.
මේ ටෙලි නාට්‍යය එළඹෙන 11 වන සදුදා සිට රාත්‍රී 9.00 දෙරණ ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකිවෙයි.
පහතින් දැක්වෙන්නේ “අංකල් සෑම් ” ටෙලි නාට්‍යයේ රූගතකිරීම් අවස්ථාව්දී ගත් ඡායාරූප වෙයි.

eebest8 mmk
May 8, 2015 at 2:33 pm
This is one awesome blog article.Really looking forward to read more. Keep writing.