පාකිස්තාන් ක්‍රිකට් ආයතනයේ දුෂණ විරෝධී කමිටුව තීරණය කර තිබේ. ඒ ඔහු විසින් දූෂණ විරෝධී නිති සංග්‍රහය කඩ කිරීම හේතුවෙනි.
‘‘දූෂණ චෝදනා මත ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩකයකුට මෙවැනි තහනමක් පැනවීම සම්බන්ධයෙන් පාකිස්තාන් ක්‍රිකට් ආයතනය කිසිම සතුටක් නැහැ. නමුත් දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමෙන් පසු තමන්ට ගැලවිය හැකි යැයි සිතන ක්‍රීඩකයන්ට යළිත් වරක් මෙමගින් පණිවුඩයක් ලැබෙනවා.’’ යැයි පාකිස්තාන් ක්‍රිකට් ආයතනයේ දූෂණ සහ ආරක්ෂක අධ්‍යක්ෂකවරයා වන ලූතිනන් කර්නල් අසීෆ් මහමුද් සඳහන් කරයි.
29 හැවිරිදි වියේ පසුවන උමාර් අක්මාල් ඉතිහාසය පුරා කළ වැරදි රැසක් ඇති අතර එහි නවතම වරද වන්නේ 2020 අපේ‍්‍රල් මාසයේදී දුෂිත ප්රවේශයන් වාර්තා කිරිමට අපොහොසත් වීම, 2020 පෙබරවාරි මසදී යෝග්‍යතා පරීක්ෂනයේදි නුසුදුසු ලෙස හැසිරීම යන කරුණු වේ. මීට පෙරද ඔහු තරග පාවාදිම් සම්බන්ධ වැඩසටහනකට පෙනී සිටීම සහ හිටපු පුහුණුකරුවකු වන මිකී ආතර් සමග බහින් බස්වීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබ තිබේ.
දිවයින.