තරු හුට පට

උඩවලවට ගුවන් යානයක් කඩා වැටුණාද?

flight

උඩවලව, ප්‍ර දේශයේ ජනතාව මේ වන විට දැඩි කුතුහලයකින් සිටින බව වාර්තා වෙනවා.

උඩවලව, සංකපාල විහාරය ආසන්නයේ කන්දක කිසියම් යානයක් කඩා වැටි ගිනි ගනිමින් සිටින බවට එම ප්‍රදේශවාසීන් පවසනවා.

කෙසේ වෙතත් එම ගිනි ගන්නා ස්ථානයේ කිසිදු ගුවන් යානයක කොටසක් හෝ නොමැති බව අපට ආරංචි මාර්ග වලින් අනාවරණය වෙනවා.

ඒ කොහොම උණත් පොලිසිය කියන්නේ ඊයේ ඉඳන් සංකපාල කඳු මුදුනේ ගින්නක් පැතිරුණු බවත්, අද ගුවන් හමුදාවේ පුහුණු ගුවන් යානා වගයකුත් ඒ කිට්ටුවෙන් ගමන් කර ඇති බවත්ය.

මේ ගින්නයි යානයයි දැකපු ගමේ අය ගුවන් යානයක් කඩා වැටිලා කියලා වරද්දගෙන කියලයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නම් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!