සිරියාවේ ප්රහාරයන් දියත් කරමින් සිටින රුසියානු ප්රහාරක ජෙට් යානයකට තුර්කි ගුවන් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්රහාරයෙන් පසු Su-24 දරණ ගුවන් යානය තුර්කියේ ලටකියා පළාතේ කඳුකරයට කඩා වැටී ඇති බවට මේ වන වීට වාර්තා වෙයි.
තුර්කි හමුදා බලධාරීන් වාර්තා කර ඇත්තේ, අදාළ ප්රහාරක යානය සිය දේශ සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම ප්රහාරය එල්ල කළ බවයි.
කෙසේ වෙතත් ප්රහාරක ජෙට් යානයේ නියමුවන් දෙදෙනා දිවි ගලවා ගෙන තිබෙන අතර අදාළ ප්රහාරයෙන් යානය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාල මුදවා හැර තිබෙනවා.
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)