Gossip

ජනපතිගේ රුවට සමාන ඔපෙරා ගායක ශිල්පියාට සිදුවූ දේ මෙන්න

සිය රටේ ජනාධිපතිවරයාගේ රූපයට සමාන රූපයක් හිමි පුද්ගලයෙකුට මුහුණ පෑමට සිදුව තිබෙන අපුරූ අකරතැබ්බයක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වනවා.
සුප්‍රසිද්ධ ඔපෙරා ගායකයෙකු වන ලියු කෙකිං හට මෙම අකරතැබ්බයට මුහුණ පෑමට සිදුව ඇත්තේ ඔහුගේ මුහුණුවර චීනයේ ජනාධිපති ෂි ජින් පිංට සමාන කමක් ඇති බැවින්ය.
ඔපෙරා ගායකයා විසින් පවත්වා ගෙන ගිය Tik Tok සමාජ මාධ්‍යයට සමාන චීනයේ Douyin ගිණුම අවස්ථා කිහිපයකදී චීන බලධාරින් විසින් අවහිර කිරිමට පියවර ගනු ලැබුවේ රාජ්‍ය නායකයාගේ රූපයට සමාන වීම හේතුවෙනි.
බර්ලිනයේ වෙසෙන මෙම ගායකයා චීනයේ සුප්‍රකට Douyin සමාජ මාධ්‍ය අඩවි ගිණුම ඔස්සේ 2019 වසරේ සිට සිය ගීත පුහුණුවීම් වල වීඩියෝ එළිදක්වා තිබුණා. ඔහුගේ එම ගිණුමේ පරිශීලිකයින් 41,000 ක් පමණ සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
චීන බලධාරින් විසින් මිට දින කිහිපයකට පෙර මෙම ගායකයාගේ සමාජ මාධ්‍ය ගිණුම තහනම් කිරිමට පියවර ගෙන තිබුණේ ” රූප උල්ලංඝණය” කිරිමේ චෝදනාව මතයි.
අත්හිටුවා ඇති සිය සමාජ මාධ්‍ය ගිණුම යලි යාවත්කාලින කර ගැනීමට තමන්ගේ හඳුනා ගැනීමේ තොරතුරු චීන බලධාරීන්ට ලබාදී ඇති බවයි ඔහු සඳහන් කළේ.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!