පසුගියදා වැඩිහිටියන්ට පමණක් වූ චිත්රපටයක් නිසා කතාබහට ලක්වූ නිළිය හා තවත් සැකකරුවන් තිදෙනෙකුට චෝදනා දෙක බැගින් එල්ලකර එම චෝදනාවන්ට වැරදිකරු කරමින් දඩ නියම කරණු ලැබුවා. ඒ අනුව ඔවුන්ට රුපියල් 2500 බැගින් දඩ නියම වුණා.
තවද එක් වරදකට මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කොට වසර පහකදී ඒවා ගෙවී යන ලෙසට අත්හිටුවීමට ද නියෝග තිබුණා.
මෙම අත්අඩංගුවට පත්වීම සිදුවූයේ චිත්රපටය නැරඹු තරුණයෙකු විසින් එහි තිබූ මෝටර් බයිසිකලයක් හඳුනාගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව බවට වාර්තා වුණා.
ඒ අනුව මුලින් අධ්යක්ෂක හා නළුවා ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වූ අතර අවසානයේ අත්අඩංගුවට පත්වූයේ නිළියයි. ඇය කළ වරද සම්බන්ධයෙන් පොලිසියේ නිලධාරීන් ඇයට පැහැදිලි කර සිටි අතර එය ඒ හැටි ගණන් නොගත් නිළිය පවසා ඇත්තේ ”අයියෝ…. ඕකද මේ වරද…. ? ඕවා මට සුළු දේවල්නේ…., ඊට වඩා දේවල් මම කරලා තියෙනවා” කියායි.
කට කොණින් ඔච්චම් සිනාවක් පෑ ඇය පසුව මාංචු දමාගෙන බිම බලාගනිමින් ගොස් තිබෙනවා.
උපුටා ගැනීමකි