නිතර නිතර ට්විටර් පණිවුඩ නිකුත් කරන්නෙකු ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියක් උසුලනවා.
ඒ වගේම ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා නිකුත් කළ ට්විටර් පණිවුඩයක් ඉතිහාසයේ මෙතෙක් වැඩි වශයෙන්ම කැමැත්ත (Like) පළ වූ ට්විටර් පණිවුඩය බවට පත්වුණු පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා..
නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වෙනස් වාර්ගික පසුබිම් සහිත දරුවන් කණ්ඩායමක් සමග සිනාසෙන ආකාරය දැක්වෙන ඡායාරූපයකුයි ඔබාමා ට්විටර් පණිවුඩයෙන් දක්වා තිබුණේ.
වර්ජිනියා ප්‍රාන්තයේ චාලට්ස්විල් ප්‍රදේශයේ සිදු වූ ගැටුමෙන් පසු අගෝස්තු 13 වෙනිදා පළ කරන ලද ඉහත කී ට්විටර් පණිවුඩයට කැමැත්ත (Like) පළ කර ඇති පිරිස තිස් ලක්ෂයකට අධිකය.
පසුගිය මැයි මාසයේ එංගලන්තයේ මැන්චෙස්ටර්හි පැවති සංගීත ප්‍රසංගයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව සිය කණගාටුව පළ කර අරියානා ග්‍රෑන්ඩේ විසින් පළ කරන ලද ට්විටර් පණිවුඩය අභිබවා ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ ඉහත කී පණිවුඩය ඉදිරියට පැමිණ තිබේ.
සිය ට්විටර් පණිවුඩ මාලාව තුළ හිටපු ජනාධිපතිවරයා විසින් නෙල්සන් මැන්ඩෙලාගේ ‘The Long Walk To Freedom’ නමැති ස්වයං චරිතප්‍රදානයේ අඩංගු පාඨයක් උපුටා දක්වා තිබෙනවා.
“සමේ වර්ණය හෝ පසුබිම හෝ ආගම උපතින් කෙනෙකු තවත් කෙනෙකුට වෛර කිරීමට හේතු නොවේ”
“මිනිස්සු වෛර කිරීමට උගත ගත යුතුයි. ඔවුන්ට එසේ උගත ගත හැකි නම් ඔවුන්ට ආදරය කිරීමට ද උගතගත හැකියි, මිනිස් හදවත් තුළ ස්වභාවයෙන්ම ජනිත වන්නේ ආදරය මිස වෛරය නොවේ”
